spot_img
spot_imgspot_img

මියන්මාරයේ නාය යෑමකින් 70ක් අතුරුදන්

පුවත්

විදෙස්

මියන්මාරයේ උතුරු දිග ජේඩ් පතල් කැණීම් ප්‍රදේශයක සිදුවූ නාය යෑමකින් 70 දෙනකු පමණ අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. එක් මළ සිරුරුක් පමණක් හමුවී ඇතැයි බලධාරීහු පවසති.

අතුරුදන් වූවන්ගෙන් වැඩිදෙනෙක් නීතිවිරෝධී ජේඩ් පතල්කරුවන් බවට විශ්වාස කෙරෙන අතර, මුදාගැනීමේ මෙහෙයුම් සිදු වෙමින් පවතී.

අද(22) එරට වේලාවෙන් 04:00 ට පමණ Kachin ප්‍රාන්තයේ Hpakant ප්‍රදේශයේ මෙම නායයාම සිදු විය.

මියන්මාරය ලොව විශාලතම ජේඩ් පතල් පවතින නමුත් එහි පතල් අනතුරු රාශියක් සිදුවී ඇත.

අත්හැරදැමූ පතල් වලවල් වලට ලොරිවලින් සුන්බුන් හැලීම නිසා මෙම නාය යෑම සිදුවන්නට ඇතැයි සැලකේ.

Hpakant හි ජේඩ් පතල් කැණීම තහනම් කර ඇති නමුත් රැකියා නොමැතිකම සහ Covid-19 වසංගතයෙන් නරක අතට හැරී ඇති ආර්ථික තත්වයන් හේතුවෙන්, ප්‍රදේශවාසීහු බොහෝ විට රෙගුලාසි කඩ කරති.

දින කිහිපයකට පෙර, Hpakant හි ජේඩ් පතල් ප්‍රරිශ්‍රයක සිදුවූ තවත් නායයාමකින් අවම වශයෙන් නුපුහුණු පතල් කම්කරුවන් 10 දෙනෙකු අතුරුදහන් විය.

මියන්මාරයේ ජේඩ් වෙළඳාම වසරකට ඩොලර් බිලියන 30 (පවුම් බිලියන 24) ඉක්මවන බව වාර්තා වන අතර, Hpakant යනු ලොව විශාලතම ජේඩ් පතල ඇති ස්ථානයයි.

https://www.bbc.com/news/world-asia-59723344

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!