spot_img
spot_imgspot_img

පරිපූර්ණ ලෙස සංරක්ෂණය වී තිබූ ඩයිනොසෝර කලලයක් චීනයෙන්

පුවත්

විදෙස්

පැටවකු බිහිකිරීමට ආසන්න අවස්ථාවේ, පරිපූර්ණ ඩයිනෝසර කලලයක් සොයාගත් බව චීන විද්‍යාඥයෝ පිරිසක් පවසති.

දකුණු චීනයේ Ganzhou ප්‍රදේශයෙන් මෙම කලලරූපය සොයා ගෙන ඇති අතර පර්යේෂකයන් පවසන්නේ එය අවම වශයෙන් වසර මිලියන 66ක් පමණ පැරණි බවයි.

එය දත් රහිත තෙරොපොඩ් ඩයිනොසෝරයෙකු හෝ ඕවිරැප්ටෝරෝසෝරයෙකුගේ බවට විශ්වාස කෙරෙන අතර එය නම් කර ඇත්තේ Baby Yingliang ලෙසිනි.

පර්යේෂක ආචාර්ය ෆියෝන් වයිසම් පැවසුවේ එය “ඉතිහාසයේ මෙතෙක් හමු වූ හොඳම ඩයිනෝසෝර කලලය” බවයි.

මෙම සොයා ගැනීම මගින් ඩයිනෝසෝරයන් සහ නවීන පක්ෂීන් අතර ඇති සම්බන්ධය පිළිබඳව පර්යේෂකයන්ට වැඩි අවබෝධයක් ලබාගැනීමට හැකිවී තිබේ. ෆොසිලයෙන් පෙන්නුම් කරන්නේ පැටවුන් බිහිවීමට ටික වේලාවකට පෙර ඔවුන් තුළ දක්නට ලැබෙන හැසිරීමකි.

“මෙයින් පෙන්නුම් කරන්නේ නූතන පක්ෂීන්ගේ එවැනි හැසිරීම් මුලින්ම පරිණාමය වී ඇත්තේ ඔවුන්ගේ ඩයිනොසෝර මුතුන් මිත්තන් අතර බවයි,” ආචාර්ය මා AFP පුවත් ඒජන්සියට පැවසීය.

Oviraptorosaurs, එනම් “බිත්තර සොරකම් කරන කටුස්සන්”, යනු වසර මිලියන 100 සිට මිලියන 66 දක්වා කාලයකට පෙර ක්‍රිටේසියස් යුගයේ අවසාන කාලයේ ආසියාවේ සහ උතුරු ඇමරිකාවේ ජීවත් වූ පිහාටු සහිත ඩයිනෝසෝරයන්ය.

පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ පාෂාණ විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් බෲසැට් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ එය තමා මෙතෙක් දැක ඇති “අතිවිශිෂ්ට ඩයිනෝසෝර පොසිල වලින් එකක්” බවත්, කලලරූපය පැටවුන් බිහිවීමේ ආසන්න අවස්ථාවේ සිටින බවත්ය.

ළදරු යින්ග්ලියැන්ග් හිසේ සිට වලිගය දක්වා දිග අඟල් 10.6 (සෙ.මී. 27) වන අතර ඔහු චීනයේ යින්ග්ලියැන්ග් ස්ටෝන් නේචර් ඉතිහාස කෞතුකාගාරයේ අඟල් 6.7ක් දිග බිත්තරයක් තුළ රැඳී සිටියි.

බිත්තරය මුලින්ම 2000 දී සොයාගත් එකක් වූ නමුත් වසර 10 ක් තිස්සේ ගබඩා කර තිබූ බව පර්යේෂකයා් පවසති.

කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර පැරණි ෆොසිල වර්ග සකස් කරන විට පර්යේෂකයන්ගේ අවධානය බිත්තරය දෙසට යොමු වී ඇති අතර, ඔවුන් සැක දුරුකරමින් කළ බිත්තරය තුළ කලලයක් තිබී ඇත.

ඩයිනොසෝරයාගේ සිරුරේ කොටසක් තවමත් පාෂාණවලින් වැසී ඇති අතර පර්යේෂකයන් එහි සම්පූර්ණ ඇටසැකිල්ලේ රූපයක් නිර්මාණය කිරීමට උසස් ස්කෑනිං ක්‍රම භාවිතා කරනු ඇත.

https://www.bbc.com/news/world-asia-china-59748281

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!