spot_img
spot_imgspot_img

හෙලිකොප්ටරය කඩා වැටී පොලිස් ඇමති පැය 12ක් මුහුදේ

පුවත්

විදෙස්

ගලවා ගැනීමේ මෙහෙයුමක් අතරතුර හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටීමෙන් පසු පැය 12ක් මුහුදේ පිහිනා දිවි ගලවාගත් බව මැඩගස්කර් රජයේ පොලිස් ඇමති සර්ජ් ගෙලේ පවසයි.

ඔහු සමඟ හෙලිකොප්ටරයේ ගමන් ගත් තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් ද අනතුරින් දිවි ගලවා ගත්හ.

මෙම කණ්ඩායම දිවයිනේ ඊසානදිග ප්‍රදේශයේ මගී බෝට්ටුවක් ගිලී ගිය ප්‍රදේශයක් සෝදිසි කරමින් සිටින අතරතුර මෙම සිද්ධියට මුහුණපා කිබේ. එම බෝට්ටු අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගිය බව බලධාරීහු අඟහරුවාදා (21) ප්‍රකාශ කළහ.

57 හැවිරිදි ගෙලේ මහතා අනතුරෙන් පසු පැවසුවේ රාත්‍රී 7:30 සිට පසුදා උදේ 7:30 දක්වා මුහුදේ පිහිනමින් සිටි බවයි. තමාට කිසිදු තුවාලයක් නොමැති නමුත් සීතලක් දැනෙන බව ඔහු පැවසීය.

ඔවුන් මහම්බෝ ගම්මානය දෙසට පාවී ගොස් තිබිණ‍.

“මම ජීවතුන් අතර හොඳින් ඉන්නවා,” ගෙලේ මහතා මහම්බෝ ගම්මුන්ට පැවසීය.

පොලිස් ප්‍රධානී Zafisambatra Ravoavy ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ Gelle මහතා හෙලිකොප්ටරයේ එක් ආසනයක් පාවෙන උපකරණයක් ලෙස භාවිතා කර ඇති බවයි. ගෙලේ, ක්‍රීඩාවේ දක්ෂයෙකු බවත් ඔහුට වානේ මෙන් ශක්තිමක් බාහු ඇති බවත් රෙවෝවි වැඩිදුරටත් පැවසීය.

ගෙලේ මහතා පසුගිය අගෝස්තු මාසයේ ඇමතිවරයා ලෙස පත්වීමට පෙර දශක තුනක් පොලිසියේ සේවය කර ඇත.

https://www.bbc.com/news/world-africa-59749005

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!