-4.8 C
New York

ගාල්ලේ, තැන තැන වරින් වර විදුලිය විසන්ධි වෙන්නේ ඇයි ?

Published:

ගාල්ලේ ප්‍රදේශ කිහිපයක ඊයේ (21) විදුලි බිඳවැටීම් වාර්තා වූ අතර විදුලිය විසන්ධි වී තිබූ කාලය පැයකි.

මේ පිළිබඳ rata.lk අප විදුලි බල මණ්ඩලයෙන් කරන ලද විමසීමක දී තහවුරු වූයේ තවමත් ඇතැම් ප්‍රදේශවල පැයක කාලයක් විදුලිය විසන්ධි කරන බවයි.

නමුත්, මෙරට කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් නැතැයි රජය තහවුරු කර තිබිණි. රජයේ බලධාරීන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සහ මාධ්‍ය නිවේදන නිකුත් කරමින් එලෙස කීව ද හො‍ර රහසේ ම වරින් වර විවිධ ප්‍රදේශවල පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීම තවමත් සිදුවෙමින් පවතී.

මේ පිළිබඳ විදුහලිබල අමාත්‍යාංශයෙන් විමසූ විට ද වරින් වර විදුලි කප්පාදුවක් සිදුවන බව පිළිගත්තේය.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කරන්නේ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි උත්පාදක යන්ත්‍රවල ජනන ධාරිතාව තවමත් සම්පූර්ණ වී නොතිබීම හේතුවෙන් මෙලෙස වරින් වර විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇති බවයි. ඒ අනුව ඇතැම් ප්‍රදේශවල පැය භාගයක සිට පැයක් දක්වා කාලයකට විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවද හෙතෙම කීවේය. 

Related articles

Recent articles

spot_img