-5.9 C
New York

බාලවයස්කාරියක් කෙළසූ හමුදා සෙබළෙක් සහ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට

Published:

බාල වයස්කාර පාසල් ශිෂ්‍යාවක් (14) ගැබිනියක කළ බවට සැකපිට ඇගේ පෙම්වතා බව කියන හමුදා සබෙළකු සහ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය පවසයි.

හදිසියේම ඇති වූ උදරයේ වේදනාවක් හේතුවෙන් පානදුරේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට මව සමඟ ගිය දැරිය පරීක්ෂාකළ වෛද්‍යවරයා ඇය පුද්ගලික රෝහලක් වෙත යොමු කර තිබිණි. එම රෝහලේ දී කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ එම දැරිය ගැබිනියක බවයි.

රෝහල විසින් පොලිසියට මේ බව දැනුම් දීමෙන් පසු දැරියගෙන් තොරතුරු විමසා ඇති අතර දැරිය පවසා ඇත්තේ තම පියා මව හැරදමා වෙනත් කාන්තාවක් සමඟ ගිය පසු පිටස්තර පුද්ගලයකු නිවසේ නතරව සිටි බවයි. ඇය තම මවගේ සැමියා ලෙස ජීවත් වූ බවත් මව නිවසේ නොමැති අවස්ථාවල දී ඔහු තමන්ට අතවර කළ බවත් මේ දැරිය පවසා තිබේ.

මේ අතර දැරිය වයස අවුරුදු 19ක් වූ හමුදා සෙබළකු සමඟ මිතුරු වූ බව පවසා තිබේ. ඔහු සමඟ තමන්ට සිදුවන අතවර පිළිබඳ පැවසූ විට ඔහු ද කිසිවෙකුත් නොමැති අවස්ථාවල දී නිවසට පැමිණ තමන්ට අතවර කළ බව එම දැරිය පවසා ඇත.

දැරියගේ මෙම ප්‍රකාශ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනා ම අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

අළුබෝමුල්ල පොලිසිය පවසන්නේ මෙම සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

Related articles

Recent articles

spot_img