-4.8 C
New York

තෙල් මිල වැඩවීම කොටස් වෙළෙඳ පොළටත් අහිතකර ලෙස බලපායි ?

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 45,213ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,019ක් බවට පත්විය.

අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 09කින් පහළ ගිය අතර ගනුදෙනු අවසානයේ එය ඒකක 11,640ක්  බවට පත්විය.

දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 568යි, එච්සෙනිඩ් සමාගම රුපියල් මිලියන 548යි, ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 437ක් ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එන්බී ලීසිං (X) කොටස් මිලියන 57යි, එච්සෙනිඩ් සමාගම කොටස් මිලියන 24යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කෙටස් මිලියන 21යි ලෙස ප්‍රධාන විය.

කොළඹ කොටස් වෙළෙද පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 736ක වත්කම් වාර්තා කළ එක්ස්පෝලංකා සමාගම ප්‍රථම ස්ථානයේ ද බිලියන 530ක වත්කම් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද බිලියන 201ක වත්කම් වාර්තා කළ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම තුන්වැනි ස්ථානයේ ද පසුවිය

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එච්සෙනිඩ් සමාගම 69%කින් ද, සෙංකඩගල ෆිනෑන්ස් සමාගම 24%කින් ද, බොගවන්තලාව ප්ලාන්ටේෂන් සමාගම 13%කින් ද කොටස් මිල ඉහළ යන ලදී.

අද දිනයේ සංවෘත කවය තුළ මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් ලක්ෂ 05ක් රුපියල් 54.00 බැගින් හුවමාරු විය.

මූලික කොටස් නිකුතුවෙන් පසුව පළමුවරට ගනුදෙනු ආරම්භ කළ එච්සෙනිඩ් සමාගමේ කොටසක මිල රුපියල් 8.70 කින් ඉහළ ගොස් ඇති අතර මෑත කාලීන මූලික කොටස් නිකුතු සියල්ලේ ම පාහේ පළමු දිනයේ දී කොටස් මිල අධික ලෙස ඉහළ යාම කැපී පෙණිනි.

විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ රුපියල් මිලියන 75ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 61ක කොටස් විකුණා තිබේ.

ඒ අනුව අද දිනයේ දී පමණක් විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 14ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළට ඇතුළත් වී ඇත.

විදේශ ‍ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර එච්සෙනිඩ් සමාගම රුපියල් මිලියන 26යි, හේලීස් සමාගම රුපියල් මිලියන 13යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 12යි, කැලණි වැලි සහ එල්වීඑල් එනර්ජි සමාගම් දෙකම රුපියල් මිලියන 2.1 බැගින් ද ‍විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 6.7යි, ලංකා මිල්ක්ෆුඩ් සමාගම රුපියල් මිලියන 6.3යි, ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 5.4යි, සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 4.2යි, කමර්ෂල් බැංකුව රුපියල් මිලියන 3.5ක් ලෙස කැපී පෙණිනි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාම කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු සමාගම්හි ගනු දෙනු කෙරෙහි දැඩිව බලපා ඇති අතර එමගින් සියලු සමාගම්වල පිරිවැය වැඩිවීම හේතුවෙන් කොටස් කරුවන්ට හිමිවන ලාභාංශවල අඩුවීමක් ඉදිරියේ දී දක්නට ලැබෙනු ඇත.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img