spot_img
spot_imgspot_img

දිගන පොලිසියේ උපදෙස් මත මහනුවර විහාරස්ථානයක පිරිත් විකාශය නවතී

පුවත්

විදෙස්

මහනුවර කෙන්ගල්ල ඉහළවල ශ්‍රී සීවලී මහා විහාරයේ නිති විරෝධී ශබ්ද විකාශනය නතර කර දැමීමට දිගන ‍පොලිසිය කටයුතු කර තිබේ.

මෙම විහාරස්ථානයේ නීති විරෝධීව ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් පිරිත් විකාශය කරනු ලබන බවට දිගන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විහාරාධිපති හිමියන් පොලිසියට කැඳවා විහාරාධිපති හිමියන්ට පොලිසිය විසින් නීතිමය කරුණු පැහැදිළි කර දී ඇත.

ඉන් පසු එම විහාරාධිපති හිමියන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් පිරිත් විකාශය කිරීම නතරකර දමා තිබේ.

යම්කිසි ස්ථානය ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර කිසියම් ආකාරයක ශබ්දයක් විකාශය කරන්නේ නම් ඒ සඳහා පොලිසියෙන් බලත්‍රයක් ලබාගත යුතුය. එලෙස බලත්‍රයක් ලබාගත්ත ද එම පරිශ‍්‍රයෙන් පිටතට ඇසෙන පරිදි ශබ්දය විකාශය කිරීමේ අවසරයක් නැත. ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීමේ දී එම යන්ත්‍ර පරිශ්‍රය දෙසට හරවා අංශක 45ක් පොළොවට ආනත වන පරිදි සවිකර තිබිය යුතුය.

එමෙන් ම බලපත්‍රයක් නිකුත් කරනු ලබන්නේ ජාතික උත්සව අවස්ථාවක දී තාවකාලිකව පමණි. කිසිදු පරිශ්‍රයක ස්ථිරව ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීමට අවසරයක් නැත.

මේ සම්බන්ධයෙන් 2007 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් පදනම් කරගනිමින් පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද 2031/2007 චක්‍රලේඛයක් ද ඇත.

එම නියෝග හා චක්‍රලේඛවලට පටහැනිව කටයුතු කරන්නේ නම් එය දණ්ඩ නීති සංග්‍රහයේ 261 වැනි වගන්තිය අනුව අපරාධමය වරදකි. එවිට පොලිසිය පොලිස් ආඥා පනතේ 80(4) වගන්තිය අනුව අදාල ශබ්ද විකාශන උපකරණ සමඟ එම විකාශය සිදුකරනු ලබන පුද්ගලයන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු වේ.

1 COMMENT

  1. දිගන පොලිසිය දන්නා නීතිය බණ්ඩාරවෙල පොලිසිය නොදැන සිටීම මෙහි ජීවත් වන සාමය අගයන ජනතාවගේ අවාසනාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!