spot_img
spot_imgspot_img

ගෑස් සමාගම් අභියාචනාධිකරණ නියෝගය නොතකා හරී. වැරදි සංයුතියෙන් ගෑස් වෙළෙඳ පොළට

පුවත්

විදෙස්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය ගෑස් ටැංකියේ පිටත පැහැදිළිව ප්‍රදර්ශනය කළ යතු බවට අභියාචනාධිකරණය විසින් පසුගිය 17 වැනි දා අභියාචනාධිකරණය තීන්දු කර තිබිය දී ගෑස් සමාගම් එම නියෝගය උල්ලංඝනය කර ඇත.

අධිකරණය නියෝග කරන ලද්දේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයනය විසින් නිර්දේශකරනු ලබන සංයුතියට අනුව ගෑස් අළෙවි කළ යුතු බවයි.

ගෑස් සමාගම් විසින් ඊයේ (20) වෙළෙඳ පොළට නිකුත් කරන ලද නව ගෑස් සිලින්ඩරයේ අලවා ඇති ස්ටිකරයේ අධිකරණය නියෝගයෙන් දැනුම් දුන් ආකාරයට නි‍ර්දේශිත සංයුතිය දක්වා නැත.

අභිය‍ාචනාධිකරණ නියෝගයට අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක බියුටේන් 70%ක් සහ ප්‍රොපේන් 30% අඩංගු විය යුතුය. නම් ඊයේ නිකුත් කර ඇති ගෑස් සිලින්ඩරවල සඳහන් කර ඇත්තේ එහි බියුටේන් ප්‍රමාණය 60%-75% අගයක් ගන්නා බව සහ ප්‍රොපේන් ප්‍රමාණය 25%-40% අගයක් ගන්නා බවයි.

මේ අනුව පැහැදිලි වන්නේ ගෑස් සමාගම් අභියාචනාධිකරණයේ නියෝගයට පටහැනි අයුරින් කටයුතු කරන බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!