spot_img
spot_imgspot_img

යල කන්නයේ වී අස්වැන්න ටොන් ලක්ෂ 40ක් අඩුවෙයි. ගොවීන්ගෙන් 1/3ක් ගොවිතැන අතහැරලා

පුවත්

විදෙස්

මෙ‍රට වී වගාකරන ගොවීන්ගෙන් තුනෙන් එකක් පමණ ගොවිතැන අතහැර දැමීම හේතුවෙන් මෙවර වී ඇස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 40කින් අඩුවන බව ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසයි.

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් පසු ගොවි ජනතාවට අවශ්‍ය තරම් කාබනික පොහොර නොලැබීයාම හේතුවෙන් මෙම තත්වය ඇති වූ බව හෙතෙම පවසයි. අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ නොකිරීමත්, පොහොර වැඩසටහන යථාර්ථයක් නොවීම යන කරුණුවලට කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු රජය මුළුමනින්ම වගකිව යුතු බව සභාපති තෙන්නකෝන් පවසයි.

මෙවර යල කන්නයේ දී වී හෙක්ටයාර ලක්ෂ 08ක් පමණ වගා කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුව ද සැබැවින් ම වගාකර ඇත්තේ කුඹුරු හෙක්ටයාර 06කට ආසන්න ප්‍රමාණයක් බව ද ගොවි සංවිධාන පෙන්වා දෙයි.

වගාකටයුතු සඳහා නැනෝ පොහොර භාවිතා කරන ආකාරය පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගොවීන් දැනුම්වත් කර නැතැයි ද හෙතෙම පෙන්වාදෙයි.

අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, මඩකලපුව සහ අම්පාර වැනි දිස්ත්‍රික්කවල වී ගොවීන් පොහොර නැතිව දැඩි අසීරුතාවකට ලක්ව සිටින බව ද ගොවි සංවිධානවලින් නගන තවත් චෝදනාවකි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද පවසයි.

“ රසායනික පොහොර ගෙන්වීම තහනම් කරලා මාස හයක් ගත වුණත් ගොවීන්ට කාබනික පොහොර දෙන්න බැරිවුණා. කෘෂිකර්ම උපදේශකවරුන්වත් මේ කාබනික පොහොර වැඩසටහනට යොදාගත්තේ නැහැ. අවසානයේ වුණේ ගොවීන්ට රසායනික පොහොරත්, කාබනික පොහොරත් දෙකම නැතිවීම පමණයි. පොහො‍ර කියලා මොනවාදෝ මේ දවස්වල බෙදාගෙන යනවා. ඒවා මොන විදියට දෙනවාද කියා අපි දන්නේ නෑ. කල්පිටියේ පොල්වත්තක පොහොර නිෂ්පාදනය කරනවා. එතැන කරන්නේ මාළු ඔළු දාලා පොහොර සාදන එක. අපි දන්න විදියට ඒවා තමයි මේ පුපුරන්නේ.  යූරියාත් ඒවාට දානවා. ගොවීන්ට නැනෝ පොහොර ගැන කිසිම අවබෝධයක් නැහැ. මේක ගොවීන් විනාශ වෙන තීරණයක්.”

ඔවුන් පවසන්නේ අස්වැන්න ලැබෙන විට සැබෑ තත්වය රටටම දැකගත හැකිවනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!