-4.8 C
New York

සම්පන්දන් දේශපාලනයෙන් සමුගනී

Published:

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මන්ත්‍රීවරයා වෛද්‍ය උපදෙස් හේතුවෙන් ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් සමුගැනීමට තීරණය කර ඇති බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

රාජවරෝදයම් සම්පන්දන් නමැතැ ඔහු 1933 පෙබරවාරි 05 වැනි දා උපතලැබූවෙකි. මේ වනවිට 88 වැනි වියේ පසුවන ඔහු මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වන අතර විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පළමු වරට පත්වූයේ 1977 වර්ෂයේ දී ය.  

සම්පන්දන් සිය මන්ත්‍රීධූරයෙන් ද ඉවත් වී විවේකීව සිටීමට අපේක්ෂා කරන බවට තොරතුරු වාර්තා වෙයි. එසේ වුව ද පක්ෂය නිකුත් කළ නිවේදනයේ එවැන්නක් සඳහන් කර නැත.

ඔහුගේ හිතවතුන්ගෙන් ලැබෙන තොරතුරු අනුව මන්ත්‍රීවරයා ඇඳ විවේකයෙන් පසුවන අතර අමුත්තන් හමුවීම, දේශපාලන සාකච්ඡා සහ මාධ්‍ය හමු යන සියල්ලෙන් ඈත්ව සිටියි.

Related articles

Recent articles

spot_img