4 C
New York

ඉන්ධන මිල වැඩි කරයි

Published:

ඉන්ධන මිල ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

ඒ අනුව මිල පහත සඳහන් පරිදි සංශෝධනය වෙයි

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක කලින් පැවැති මිල රුපියල් 157.00යි ඉහළ දැමූ මුදල රුපියල් 20.00යි. ඒ අනුව නව මිල රුපියල් 177.00

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් කලින් පැවැති මිල රුපියල් 184.00යි. වැඩි කළ මිල රුපියල් 23.00යි. ඒ අනුව නව මිල රුපියල් 207.00යි

ඩීසල් ලීටරයක කලින් පැවැති මිල රුපියල් 111.00යි. වැඩි කළ මිල රුපියල් 10.00යි. ඒ අනුව නව මිල රුපියල් 121.00යි.

සුපර් ඩීසල් ලීටරයක කලින් පැවැති මිල රුපියල් 149.00යි. වැඩි කළ මිල රුපියල් 10.00යි. ඒ අනුව නව මිල රුපියල් 159.00යි.

භූමිතෙල් ලීටරයක කලින් පැවැති මිල රුපියල් 77.00යි. වැඩි කළ මිල රුපියල් 10.00යි. ඒ අනුව නව මිල රුපියල් 87.00

රජය මෙලෙස ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ ලෝක‍ වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩු වෙමින් පවතින අවස්ථාවක දී ය.

Related articles

Recent articles

spot_img