-5.9 C
New York

කොටස් වෙළෙඳ පොළට Fitch Ratings බලපායි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 31,712ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,419ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 103කින් පහළ ගිය අතර එය 11,650ක් බවට පත්විය.

අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 2,145යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 539යි, ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 267යි ලෙස ද, වැඩිම ‍කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 106යි, එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 26යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 16යි ලෙස කැපී පෙණිනි.

අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 735ක වත්කම් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද රුපියල් බිලියන 523ක වත්කම් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, රුපියල් බිලියන 199ක් වත්කම් වාර්තා කළ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම තුන්වැනි ස්ථානයට ද පත්විය.

සංවෘත කවය තුළ හොරණ ප්ලාන්ටේෂන් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 26.90 බැගින් ද ඒෂියන් හොටෙල් ප්‍රොපටීස් සමාගම කොටස් මිලියන 1.2ක් රුපියල් 45.00 බැගින් ද, ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 105ක් රුපියල් 20.10 බැගින් ද හුවමාරු විය.

වැඩිම ප්‍රතිශතයකින් මිල ඉහළ ගිය සමාගම් අතර සෙංකඩගල ෆිනෑන්ස් සමාගම 24%කින් ද, හුන්නස් ෆෝල්ස් හෝටල් සමාගම 18%කින් ද, ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම 13%කින් ද ප්‍රධාන විය.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 56ක කොටස් මිල දී ගෙන තිබූ අතර රුපියල් මිලියන 104ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස අද දිනයේ පමණක් රුපියල් මිලියන 48ක මුදලක් විදේශීය ආයෝජකයන් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත. ඒ අනුව 2021 වර්ෂයේ අද දිනය දක්වා පමණක් විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 50.874ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ ‍පොළෙන් ඉවත්කරගෙන ඇත.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර හේලීස් සමාගම රුපියල් මිලියන 21යි, යුනයිටඩ් මෝටර්ස් සමාගම රුපියල් මිලියන 10යි, කීල්ස් හොටෙල් සමාගම රුපියල් මිලියන 03යි, ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 2.8යි, විදු ලංකා සමාගම රුපියල් මිලියන 1.4ක් ලෙස විදේශීය ‍ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 20යි, අමානා බැංකුව රුපියල් මිලියන 14යි, ලංකා මිල්ක් ෆුඩ් සමාගම රුපියල් මිලියන 11යි, ඇක්සස් ඉංජිනියරින් සමාගම රුපියල් මිලියන 9.4යි, ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 9.1ක් ලෙස කැපී පෙණිනි.

ශ්‍රී ලංකාව ෆිච්රේටින්ග්ස් ශ්‍රේණිගත කිරීම මගින් CCC ශ්‍රේණියේ සිට CC ශ්‍රේණියට අව ප්‍රමාණ කර ඇති අතර ඉන්ධන මිල ඉතා ඉක්මණින් ඉහළ දමන බවට ලැබෙන ආරංචි හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අද දිනයේ අවම තත්වයක පැවතීම විශේෂත්වයකි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img