spot_img
spot_imgspot_img

“සපුගස්කන්ද යළි වසා දැමීමට සිදුවනවා. තෙල් මිලත් වැඩි කරන්න වෙයි. බරපතල අර්බුදයක්” – ගම්මන්පිළ කියයි

පුවත්

විදෙස්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමට සිදුවීමේ අවදානමක් ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසයි.

මේ වනවිට මුදල් ගෙවා බොරතෙල් ලබාගැනීමට නොහැකි බැවින් ණයට බොරතෙල් ලබාගැනීමට උත්සාහ ගන්නා බව අමාත්‍යවරයා අද (20) කොළඹ දී කී‍වේය. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන වර්ග ලබාගැනීමට දින 90කට පෙර ඉල්ලුම් කළ යුතු බවත් විකල්ප තෙල් වර්ග ලබාගැනීමට උත්සාහ කරන බවත් හෙතෙම කීවේය.

එම උත්සාහය අසාර්ථක වුවහොත් ලබන ජනවාර 03 වැනි දා සිට 23 වැනි දා දක්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමට සිදුවන බව ද ඔහු කීවේය. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ජනවාරි 23 වැනි දා සිට බොරතෙල් ලැබීම තහවුරු වී ඇති බැවින් ඉන්ධන හිඟයක් ඇතිනොවන බව ද පැවසුවේය.

“ඉන්ධන සඳහා ‍මාසයකට ඩොලර් කෝටි 36ක් පමණ අවශ්‍යයි. මේ නිසා රටට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට අවශ්‍ය ඩොලර් සොයාගැනීමේ අභියෝගයක් වී තිබෙනවා.  ලංකා විදුලිබල මණ්ඩලය හා ස්වාධීන විදුලි නිෂ්පාදන සමාගම් විසින් අපට රුපියල් බිලියන 96ක් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 65ක් පමණ තෙල් සංස්ථාවට ගෙවීමට තිබෙනවා. ඒ නිසා අපිට ඩොලර් සොයා දෙන ලෙස එම සමාගම්වලට දැනුම් දී තිබෙනවා.” යැයි ද ඇමතිවරයා එහි දී කියා සිටියේය.

ඔවුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇමතිවරයා කීය.

ඉන්ධන මිල වැඩිකරන ලෙස මහබැංකුව මුදල් ඇමතිවරයාට දැනුම්දීමක් කර ඇතැයි ද කී ඇමතිවරයා පෙට්ට්‍රල් රුපියල් 35කින්, ඩීසල් 24කින් සහ භූමිතෙල් 11කින් වැඩි කර ඉල්ලුම පාලනය නොකළොත් බරපතල විදේශ විනිමය අර්බුදයකට රට තල්ලු වන බව ඔවුන් දැනුම් දී ඇතැයි ද සඳහන් කළේය.

මීට පෙර සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමූ අවස්ථාවේ දී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ කියා සිටියේ බොරතෙල් ගෙන්වා පිරිපහදු කරනවාට වඩා පිරිපහදු කරන ලද පෙට්‍රල් සහ ඩීසල් ගෙන්වා බෙදාහැරීම වඩාත් ලාභදායී බැවින් එසේ කළ බවයි. නමුත් අද එවැන්නක් ඔහු පවසන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!