spot_img
spot_imgspot_img

විදෙස්ගත ශ්‍රමිකයන් රටට මුදල් එවීම අඩුවෙලා. ඩොලර් ප්‍රශ්නය තවත් උග්‍ර වෙයි

පුවත්

විදෙස්

රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ක්‍රමයක් වන විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට පැබෙන ප්‍රේෂණ පසුගිය වසරට සාපේක්ෂව 50%ට වඩා අඩුවී ඇතැයි මහ බැංකු වාර්තාව අනුව පැහැදිලි වෙයි.

2021 වසරේ දී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 271.4කි. 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ලැබී තිබූ ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 611.7කි. ඒ අනුව 2020 නොවැම්බර් මාසයට සාපේක්ෂව 2021  නොවැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබුණු ප්‍රේෂණ 55.63%ක් වැනි විශාල ප්‍රමාණයකින් පහළ වැටී තිබීම විශේෂත්වයකි.

2021 ඔක්තෝබර් මාසයේ දී ලැබුණු ප්‍රේෂණවල වටිනාකම මිලියන 317.4ක් වූ අතර එය 2020 ඔක්තෝබර් මාසයේ දී ඩොලර් මිලියන 630.7ක්ව තිබිණි. ඒ අනුව 2021 ඔක්තෝබර් මාසයේ දී මෙරටට ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණයට වඩා 49.67%කින් අඩුවී තිබේ.

මීට අමතරව 2021 වර්ෂයේ දැනට ගත වූ මාස 11 දී ලැබී ඇති ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 5,166.3ක් වන අතර 2020 මුල් මාස 11 දී ලැබී තිබූ ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 6,291.2 කි. ඒ අනුව 2021 දී මෙතෙක් විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබුණු ප්‍රේෂණවල වටිනාකම 17.88% පහළ යාමකි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය දා කියා සිටියේ විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මෙරටට මුදල් එවීමේ දී නිල මාර්ග පමණක් යොදාගත යුතු බවයි. නිල නොවන මාර්ගයන්ගෙන් මුදල් එවන්නේ නම් එය නීති විරෝධී කාර්යයක් බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!