-4.8 C
New York

මියගිය 12 හැවිරිදි දැරිය ගැබිණියක්. මරණයට හේතුව නීති විරෝධී ගබ්සාවක්

Published:

නිවසින් අතුරුදන්ව දින කිහිපයකට පසු මියගොස් සිටිය දී හමුවූ 12 හැවිරිදි පාසල් සිසුවිය ගැබිණියක බවටත් නීති විරෝධී ගබ්සාවක් කිරීමේ දී සිදුවූ අධික රුධිර වහනය හේතුවේන මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

මෙලෙස මියගොස් සිටියේ මුලතිව් පුදුකුඩිඉරිප්පු, මූංකිලාරු ප්‍රදේශයේ පදිංචි යෝගරාසා නිදර්සනා නමැති දැරියකි. ඇය පසුගිය 15 වැනි දා සිට අතුරුදන්ව ඇතැයි පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව කරන ලද සෝදිසි කිරීමක දී නිවසට මීටර 200ක් පමණ ඈතින් වන රොදක තිබී ඇගේ සිරුර සොයාගන්නා ලද්දේ පසුගිය 18 වැනි දා ය.

දැරියගේ ගර්භාෂයේ තිබූ කලලය ඉවත් කිරීමට යාමේ දී සිදුවූ කැපුමකින් සිදුවූ අධික ලේ වහනයෙන් ඇය මියගොස් ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවයි. පුදුකුඩුඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූපය – රොමේෂ් මධුෂංක)

Related articles

Recent articles

spot_img