spot_img
spot_imgspot_img

මහින්ද විද්‍යාලයේ මුදල් වංචාවට, හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්

පුවත්

විදෙස්

ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලබා සිටින හිටපු වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනිය ජනවාරි 03 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවෙළ අද (20) නියෝග කළේය.

රිමාන්ඩ් භාරයේ සිටි විත්තිකරුවන් අධිකරණයට ගෙන ඒමකින් තොරව අද (20) උදෑසන මෙම නඩුව යිළි සැළකිල්ලට ගත් අවස්ථාවේ දී ‍ගාල්ල පොලිස් විශේෂ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක උදයකාන්ත අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම සිද්ධියේ තවත් ප්‍රධාන සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට සිටින බවයි.

ඇය තමන් පදිංචි ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත්, රැකියා ස්ථානයට ද නොපැමිණෙන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. එමෙන් ම විත්තිකාර හිටපු විදුහල්පතිවරයා විසින් මෙම වංචා සිද්ධියට අදාල මුදලින් කොටසක් විත්තිකාර සංවර්ධන නිලධාරිනියගේ බැංකු ගිනුමට දමා ඇති බව අනාවරණය වී ඇති බැවින් හා  තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් මෙන්ම විමර්ශනවලට බාධා වීමට ඉඩ ඇති බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ කියා සිටියේ ඇප පනතේ 14(1) ආ (2) වගන්තිය කෙරෙහි අවධානය යොමුකරන බවයි. විත්තිකාර හිටපු විදුහල්පතිවරයා වංචා කළ බවට සැකකරන රුපියල් ලක්ෂ 21කට අධික මුදලින් රුපියල් 90,000.00ක් කරාපිටිය මහජන බැංකවේ මුදල් තැන්පත් යන්ත්‍රය භාවිතයෙන් ඔහු විසින්ම පාසල් සංවර්ධන සමිතියේ ගිනුමට බැර කර එහි ලදුපත විත්තිකාර සංවර්ධන නිලධාරිනියට එවා ඇති බව ද හෙතෙම අධිකරණයේ දී කියා සිටියේය. අනෙක් මුදල්වලට සිදුවූ දේ පිළිබඳ කරුණු සොයා ගැනීමට අවශ්‍ය බව ද විත්තිකාර විදුහල්පතිවරයා පොලිසිය මඟහැර සැඟව සිටීම හේතුවෙන් ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර පවා තහනම් කිරීමට සිදුවූ බැවින් විත්තිකරුගේ හැසිරීම විමර්ශනයට බාධාවක් සිදුවිය හැකි බැවින් අධිකරණය සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

විත්තිකාර සංවර්ධන නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් කුමාර සහ නීතිඥ ප්‍රසන්ත ද සිල්වා අධිකරණය හමුවේ කියා සිටියේ විත්තකාරිය මුල් අවස්ථාවේ සිට ම මේ සිද්ධිය සම්බන්ධ විමර්ශනවල සහය දී ඇති බවයි. එමේනම ඇය සතුව සම්පූර්ණ තොරතුරු හා ලේඛන ඇති බවත් ඇගේ සැමියා විදේශගත වී සිටීම සහ 2021 වර්ෂයේ පළමු ශ්‍රේණියකට ඇතුළත්කිරීමට සිටින අගේ පුතුගේ කටයුතු පවා සිදුකරගත නොහැකි තත්වයක් උදාවී ඇති බව ද ඔවුහු පෙන්වාදුන්හ. එම සුවිශේෂී කරුණු සළකා බලමින් සහ සානුකම්පිත හේතු මත ඇයට ඇප නියම කරන ලෙස ද නීතිඥවරු ඉල්ලා සිටියහ. එමෙන්ම ඇය මේ ඛේදාන්ත තත්වයට පත්වූයේ සැකකාර විදුහල්පතිවරයාගේ බලපෑමෙන් බව ද ඔවුන් කියා සිටියේය.

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්සගේ උපදෙස් මත විත්තිකාර විදුහල්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානුක විදානගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයා විමර්ශනවලට බලපෑම් කළ හැකි මට්ටමක නොසිටින බවයි. අත්අඩංගුටව ගන්නා විට මහින්ද විද්‍යාලයේ විදුහල්පතිධූරයෙන් ඉවත්ව වෙනත් ස්ථානයක රැකියාව කළ බැවින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ නොහැකි බව ද ඔහු කීවේය.

1999 අංක 30 දරණන ඇප පනත අනුව රිමාන්ඩ් කාලය හා සැකකරුවන්ට ඇප ලබා දීම රීතිය වන බැවින් ඕනෑම ඇප කොන්දේසියක් මත විත්තිකරු මුදාහැරින ලෙස නීතිඥ චානුක විදානගේ ඉල්ලා සිටියේය.

මෙම කරුණු සැළකිල්ලට ගත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවෙළ ඇප ලබාදුනහොත් විමර්ශනයට බාධාවක් වන බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

පරීක්ෂණ කඩිනමින් අවසන් කරන ලෙසත් මුදල් සොයාගැනීමේ කාර්යය හා පරීක්ෂණ කටයුතු ඉක්මණින් අවසන් කර ජනවාරි 03 වැනි දා නැවත අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් පොලිසියට නියෝග කළේය.

විත්තිකුරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ බැවින් අද (20) සවස ඔවුන් බන්ධනාගාරයේ සිටිය දී Zoom App මගින් නිරීක්ෂණය කිරීමෙන් පසු යළි රිමාන්ඩ් කිරීමට නියමිතය.

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ පෙනී සිටි අතර විත්තිකරියක වූ සංවර්ධන නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ අජිත් කුමාර සහ නීතිඥ ප්‍රසන්ත ද සිල්වා යන දෙදෙනාය.

විත්තිකරු හිටපු වැඩ ආවරණය කරන විදුහල්පති ගාමිණී ජයවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංඝ ඉන්ද්‍රතිස්සගේ උපදෙස් මත නීතිඥ චානුක විදානගේ ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

3 COMMENTS

  1. තන්හාය ජායතී සොකෝ….
    ඉතා සාධාරණ සහ අපක්ෂපාතී ලෙස විමර්ශනය සිදුකරන ගාල්ල පොලිස් ස්ථානයේ සියලු නිලදරුවන්ට මගේ ප්‍රණාමය….

  2. පා සං සමිතියේ මුදල් විගනනයක් නැද්ද.
    මේ තරම් විශාල වංචාක් වෙනකං අනිත් නිලධාරීන් කොහේද ඉඳල තියෙන්නේ

  3. රට වටෙම උපදෙස් දිදි දේසන පවත්වලා තියෙන්නේ අමු හොරෙක් නේ වලත්තයෙක් නෙ මු අපෙ ඉස්කොලෙටත් ගෙන්නුවා ශිස්ය නායක දිනේට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!