spot_img
spot_imgspot_img

කුරුණෑගල නගරයේ කඩ කාමර හොර පාරේ බෙදා දීලා. විගණනයකින් හෙළි වෙයි

පුවත්

විදෙස්

කුරුණෑගල මහ නගර සභාව විසින් මධ්‍යම වෙළෙඳ පොළ, මාළිගාපිටිය, කුරුණෑගල බස් නැවතුම්පොළ හා වැව රවුම ආදී ප්‍රදේශවල කඩ කාමර ඉදිකිරීම් හා බදුදීම සම්බන්ධයෙන් සිදුව ඇතැයි පවසන බරපතළ වංචා දූෂණ සහ අක්‍රමිකතා ජාතික විගණන කාර්යාලය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කඩ කාමර 250කට අධික සංඛ්‍යාවක් මෙලෙස වංචා සහගත සහ දූෂිත ලෙස බදු දී ඇතැයි මූලික පරීක්ෂණවල දී හෙළි වී තිබේ.

කුරුණෑගල බස් නැවතුම් ප‍ොළේ මගී ජනතාවට රැඳී සිටීම සඳහා තිබූ හිස් අවකාශයන් තුළ පවා මූලික සැළැස්මෙන් පරිභාහිරව හිතු මතයේ කඩ කාමර 31ක් ඉදිකර ඇති අතර මේවා පුද්ගලික වියදමින් ඉදිකරගැනීමට අනුමැතිය දී ඇතැයි ද විගණන විමර්ශනවල දී අනාවරණය වී ඇත.

එවැනි ඉදිකිරීමක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය හෝ නගර සභා සැළසුම් කමිටුව හෝ අනුමැතිය ලබා දී නැත.  මේ සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති විගණන වාර්තාවක දැක්වෙන්නේ එලෙස කඩ කාමර ඉදිකිරීමෙන් පොදු මහජනතාවගේ යහපතට බාධා සිදුකර ඇති බවයි.

එලෙස පුද්ලික ව්‍යාපාරිකයන් විසින් සාදාගෙන ඇති කඩ කාමර ඔවුන්ට ලබාදීමේ දී පුද්ගලික මට්ටමින් නාමලේඛනයක් ලබාගෙන ඇත නමුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව එය සිදුකර ඇත.

කුරුණෑගල මධ්‍යම වෙළඳපොළ අදියර 01 හා අදියර 02 යටතේ ඉදිකරමින් පවතින කඩ කාමර 133ක් හා  03 වැනි අදියරේ කඩ කාමර 99ක්, මාලිගපිටිය කඩකාමර 12 බදු දීමේදී ද අක්‍රමිකතා සිදුව ඇති බව විගණන වාර්තාවේ සඳහන්ව ඇත. ඇතැම් කඩකාමර බදු දීමේ දී රජයේ තක්සේරුවක් පවා සිදුකර නැත. එ‍මෙන් ම කඩකාමර බදුදීමේ දී ලංසුකරුවන්ට ටෙන්ඩර් ලියකියවිලි පවා නොදී කටයුතු කර තිබෙන බව අනාවරණය වෙයි.

එමෙන්ම කුරුණෑගල වැව රවුම පරිශ්‍රය විනෝදාත්මක කටයුතු සඳහා බදු දීමේ දී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාමාර්ගයෙන් අනුගමනය කර නැති බව විගණනය මගින් අනාවරණය වී තිබේ.

කුරුණෑගල වැව පාරේ කඩ කාමර ලබාගත් ආයතනයකින් නගර සභාව 2020 සහ 2021 වර්ෂවලදී රුපියල් හාර ලක්ෂයකට ආසන්න මුදලක් අය කරගත යුතුව ඇතත් මෙතෙක් එම මුදල් අයකර නොගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද විගණන නිලධාරීන්ගේ අවධානයට යොමුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!