spot_img
spot_imgspot_img

“විදෙස් ණය ගැන ‍පාර්ලිමේන්තුවේ දී කියූ කතාව සාවද්‍යයි” – Factcheck

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව විදේශ ණය ලබාගැනීම පිළිබඳ ‍පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න 2021 නොවැම්බර් 15 වැනි දා පාර්ලිමේන්තුවේ දී කරන ලද්දේ සාවද්‍ය ප්‍රකාශයක් බව FactCheck ආයතනය කරුණු සොයා බැලීමේ දී තහවුරු වී තිබේ.

2014 සිට 2019 වන දක්වා ශ්‍රී ලංකාවේ විදේශ ණය 72% ක සිට 96% දක්වා 24%කින් වැඩි වී ඇතැයි ජෝන් සෙනෙවිරත්න පාර්ලිමේන්තුවේ දි කරන ලද ප්‍රකාශය හැන්සාඩ්ගත වී තිබේ.

මන්ත්‍රීවරයා මෙහි දී විදේශ ණය වශයෙන් සඳහන් කරන ප්‍රකාශය සඳහන් කරන්නේ සමස්ත ණය ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ද නැතිනම් දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ද යන්න ස්ථිරව සඳහන් කර නැති බැවින් ඒ පිළිබඳ පැහැදිළි නැත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවන්ට අනුව 2014 වසරේදී රජයේ විදේශ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 30%කි. 2019 වර්ෂයේ දී රජයේ විදේශීය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 41.3% කි.

2014 වර්ෂයේ දී විදේශ ණය රජයේ සමස්ත ණය ප්‍රමාණයෙන් ප්‍රතිශතයක්ක ලෙස ගත් විට 41.6%ක් වන අතර එය 2019 වර්ෂයේ දී 47.6% වෙයි.

මේ අනුව පැහැදිළි වන්නේ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශය සැබෑ තත්වයට වඩා වි‍ශාල වෙනසක් පෙන්වන බවයි.

අමාත්‍යවරයා ‍මෙම ප්‍රකාශය සිදුකිරීමේ දී අදහස් ‍කළේ විදේශ ණය නොව සමස්ත ණය ප්‍රමාණයනම් ඔහු ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන දළ වශයෙන් සමාන වන බව FactCheck ආයතනය සඳහන් කරයි.

මහ බැංකු වාර්ෂික වාර්තාවන්ට අනුව 2014 වර්ෂයේ දී රජයේ සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස කත්විට 72.3%කි. එය 2019 වර්ෂයේ දී 86.8%කි.  නමුත් ඒ අතරින් ද ආසන්න වශයෙන් හෝ සමාන වන්නේ 2014 වර්ෂයේ අගය පමණි. 2019 වර්ෂයේ ඔහු පවසා ඇති අගය 15% ක පරස්පරයක් තිබේ.

නමුත් අමාත්‍යවරයා තම ප්‍රකාශයේ සඳහන් කළේ රජයේ ණය සහ රජය සතු ව්‍යවසායයන්ගේ ණයෙහි එකතුව නම් ඔහු ඉදිරිපත් කළ අගයන් වඩාත් ආසන්න අගයක් ගනී. 2014 සහ 2019 වසරවල දී  සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් ගත් විට, පිළිවෙලින් 80.7% ක් සහ 94.8% ක් වේ (නිදර්ශක අංක 01 බලන්න). 

සාරාංශයක් ලෙසින් ගත් විට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තම ප්‍රකාශයේ ඉදිරිපත් කළ සංඛ්‍යාවන් විදේශ ණය ලෙසින් දැක්වීම සම්පූර්ණයෙන්ම සාවද්‍යය. ඔහු සිය ප්‍රකාශයේ සැබවින්ම අදහස් කළේ  රජයේ ණය සම්බන්ධයෙන් නම්, එහිදී ඔහු 2019 වසර සඳහා ඉදිරිපත් කළ ප්‍රතිශතය නිවැරදි නොවේ. ඔහු සැබැවින්ම අදහස් කළේ සමස්ත රාජ්‍ය ණය නම් ඔහු ඉදිරිපත් කළ 2014 වසරේ ප්‍රතිශතය නිවැරදි නොවේ. කුමන ආකාරයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය කියවා බැලුවද,  2014 සහ 2019 කාලයන් අතර ණය වැඩිවීම ඉන් අතිශයෝක්තියෙන් දක්වයි. ඒ අනුව, මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය නිවැරදි නොවේ යැයි අපි පවසමු. 

FactCheck විමර්ශනය මෙතැනින්

FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!