-0.6 C
New York

පාකිස්ථානයේත් ගෑස් පිපිරීමක්, 14දෙනකු මරුට

Published:

පකිස්ථානයේ දකුණු දිග කරච්චි නගරයේ බැංකුවක සිදුවූ පිපිරීමකින් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි.

පිපිරීමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, අපද්‍රව්‍ය කාණුවක ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බවට විශ්වාස කෙරේ.

ඇසින් දුටුවන් පැවසුවේ බොහෝ පුද්ගලයින් සුන්බුන් වලට යටවී වැළලී ඇති බවයි. ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි පොලිසිය පවසයි.

හබීබ් බැංකු ගොඩනැගිල්ලේ ජනේල සහ දොරවල් පිපිරී ඇති බවත්, ඒ අසල නවත්වා තිබූ වාහනවලට හානි වී ඇති බවත්, බැංකුවේ ලේඛන පාර පුරා විසිරී ඇති බවත් දක්නට ලැබෙන බව වාර්තාකරුවෝ පවසති.

“අපගේ පුපුරණ ද්‍රව්‍ය විශේෂඥ කණ්ඩායම් පිපිරුමේ ස්වභාවය සොයා ගැනීමට උත්සාහ කරමින් සිටිති. එය ගෑස් පිපිරුමක් විය හැකිය,” පොලිස් නිලධාරි සර්ෆරාස් නවාස් වාර්තාකරුවන්ට පැවසීය.

https://www.bbc.com/news/world-asia-59712276

Related articles

Recent articles

spot_img