-5.9 C
New York

ඉන්ධන ගෙන්වීමට මුදල් නෑ. ඉදිරි දිනවල දී බරපතල අර්බුදයක් ?

Published:

ඉන්ධන ගෙන්වීමට මුදල් නොමැතිව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ.

ලබන මාසයේ ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 420ක් අවශ්‍ය වේ. එය ශ්‍රී ලංකා රුපියල්වලින් රුපියල් මිලියන 86,100කට ආසන්න මුදලකි.

මේ මුදල අවශ්‍ය බවත්, ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් සොයාගත හැකි වුව ද ඩොලර් සොයාගත නොහැකි බැවින් මේ මුදල නොලැබු‍ණහොත් බරපතල ගැටලුවක් ඇතිවන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පසුගිය සතියේ කැබිනට් රැස්වීමේ දී පවසා ඇතැයි වාර්තා වේ.

මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා බැංකුවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1,960ක් සහ මහජන බැංකුවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1,760ක් වශයෙන් ඩොලර් මිලියන 3,700ක් ණය වී තිබේ.

Related articles

Recent articles

spot_img