-2.1 C
New York

“වෛද්‍යවරියන්ට පත්වීම් දීමට GMOA ලොක්කෙක් ලිංගික අල්ලස් ඉල්ලලා” – වෛද්‍යවරුන්ගෙන් පැමිණිලි

Published:

ආදුනික වෛද්‍යවරියන්ට පත්වීම් දීමේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරියකු ලිංගික අල්ලස් ඉල්ලා ඇතැයි සඳහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභබාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිපියක් යවා ඇත.

මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලා ඇත්තේ විශේෂ සැළකිලි සහිත පත්වීම් ස්ථාන ලබාදීමට යැයි පවසමින් බව ද එම ලිපියේ සඳහන් වේ.

වෛද්‍ය බෙල්ලන වැඩිදුරටත් සඳහන් කරන්නේ නව පත්වීම් ‍අපේක්ෂිත වෛද්‍ය නිලධාරිනියන් පිරිසකගෙන් කාර්යාල පරි‍ශ්‍රයේ දී ම මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවයි. එබැවින් ආදුනික වෛද්‍යවරියන්ගේ ආරක්ෂාවව තහවුරු කිරීම සඳහා වහා මැදිහත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් වෛද්‍ය බෙල්ලන ඉල්ලා සිටියි.

වෛද්‍යවරියන් කිහිප දෙනකු විසින් මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයට පැමිණිලි කර තිබෙන බවත් ඒ සම්බන්ධ සියලු සාක්ෂි ඇති බවත් එබැවින් මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලීම සම්බන්ධව නීත්‍යානුකූළ සහ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මෙමගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම‍යේ කීර්ති නාමයට මෙන්ම වෛද්‍යවරුන්ගේ ගෞරවයට ද හානි සිදුවන බැවින් අදාළ වෛද්‍යවරයා පිළිබඳ වහාම මැදිහත් වී සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කීවේය.

(මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් යම් පාර්ශවයකට අගතියක් වන්නේ යැයි හැඟෙන්නේ නම් ඔවුන්ගේ පැහැදිළි කිරීම් ද මේ හා සමාන ඉඩක් වෙන්කර පළකරනු ලබන බව දැනුම් දෙ‍න්නෙමු)

Related articles

Recent articles

spot_img