-2.1 C
New York

කොරෝනා “සුපිරි ප්‍රභේදයක්” ගැන අනතුරු ඇඟවීමක්

Published:

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේද දෙකම එකවර පුද්ගලයකුට ආසාදනය වුවහොත් වඩාත් සුපිරි සහ භයානක කොරෝනා නව ප්‍රභේදයක් ඇතිවීමේ දැඩි අවධානමක් ඇති බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ පිරිසක් කියති.

මේ වනවිට ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයාම හේතුවෙන් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින අතර රෝහල්වල පිරී යාමේ අවධානමක් ද හටගෙන ඇත.

කොරෝනා වසංගතය ආරම්භවීමෙන් පසු මෙතෙක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් ඇතැම් රටවලින් වාර්තාවෙමින් පැවතීම ද විශේෂත්වයකි.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ කොරෝනා මර්ධනය සඳහා බූස්ටර් එන්නත ලබාගැනීමෙන් ඕමික්‍රෝන් ප්‍රභේදයට ප්‍රතිරෝධය දැක්වීම 80-85% අතර අගයක් ගන්නා බවයි. නමුත් එය අනෙක් ප්‍රභේදයන්ට සළසන ආරක්ෂාවට වඩා අඩු අගයක් ගන්නා බව ද පැවසේ.

Related articles

Recent articles

spot_img