spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව ණය ගෙවාගත නොහැකි රාජ්‍යයක්. ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් පවසයි

පුවත්

විදෙස්

ජාත්‍යත්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ “Fitch Ratings” ආයතනය විසින් නිකුත්කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පහතට දමා තිබේ.

විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) ශ්‍රේණිගත කිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහත අගයකට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් “ෆිච් රේටින්ස්” පවසන්නේ ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත මූල්‍ය ගලා ඒම් හමුවේ ශ්‍රී ලංකාවේ බාහිර ද්‍රවශීලතා තත්ත්වය අයහපත් අතට හැරෙමින් පවතින බවයි.  ඒ අනුව ඉදිරි මාසවල දී ණය පැහැර හැරීමක වැඩි සම්භාවිතාවක් කෙරෙහි “ෆිච් රේටින්ස්” හි අවධානය යොමුව ඇති බවද අවධාරණය කර තිබේ.

එම ආයතනය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි වේගයකින් සිය විදේශ විනිමය සංචිත අහිමිකරගෙන ඇති බවයි. මෙරට විදේශ විනිමය සංචිතය අගෝස්තු මාසයේ සිට ඩොලර් බිලියන 2කින් පමණ අඩු වී ඇති අතර එය නොවැම්බර් අග වනවිට ඩොලර් බිලියන 1.6 ක් දක්වා පහත වැටී ඇත්තේ මාසයකටත් වඩා අඩු බාහිර ගෙවීම්වලට ප්‍රමාණවත්භාවයක් පිළිබිඹු කරමිනි.

2022 සහ 2023 දී නව බාහිර මූල්‍ය ප්‍රභවයන් නොමැති විට රජයට සිය විදෙස් ණය ගෙවීම් සපුරාලීම දුෂ්කර වනු ඇතැයි එම ආයතනය පවසයි.

“මෙම ණය ගෙවීම් 2022 ජනවාරි මාසයේ දී ගෙවිය යුතු ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙකක් සහ 2022 ජූලි මාසයේ දී ඩොලර් බිලියන 1ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙකක් ඇතුළත් වේ. ඒ අනුව 2022 වසරේ දී ඩොලර් බිලියන 6.9 ක පොලී ද ඇතුළුව විදෙස් ණය ප්‍රමාණයක් පියවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත. මෙය නොවැම්බර් අවසන් වනවිට පැවති විදෙස් සංචිතය මෙන් 430% ක් පමණ වේ. 2022 සිට 2026 දක්වා ශ්‍රී ලංකාවේ විදෙස් ණය සේවාකරණය ‌ඩොලර් බිලියන 26කි.”, යනුවෙන් “ෆිච් රේටින්ස්” වැඩිදුරටත් මෙහිදී පෙන්වා දී ඇත.

Fitch Ratings නිකුත් කළ තොරතුරු වාර්තාව මෙතැනින්

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක්  නිකුත් කරමින් පවසන්නේ Fitch Ratings ආයතනය අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවයි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලුම අංශවල නවතම වර්ධනයන් සහ ආසන්න විදේශ විනිමය ගලා ඒම් පිළිබඳ නිරන්තරයෙන් යාවත්කාලීන කර තිබිය දී පවා ශ්‍රී ලංකාවේ ධනාත්මක ආර්ථික වර්ධනයන් හඳුනාගැනීමට මේ ශ්‍රේණිගත කිරීම අසමත්වීම ගැටලුවක් බව ද එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙළීම සිතාගත නොහැකි බව මහ බැංකු නිවේදනයේ සඳහන් කර ඇත.

මහ බැංකුව විසින් නිකුත්කළ නිවේදනය මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!