-4.8 C
New York

ප්‍රමිතියක් නැතැයි කී ගෑස් ගොඩබෑමට අවසර දීලා ?

Published:

ප්‍රමිතියෙන් තොර ගෑස් අඩංගු නෞකා දෙකෙන් එක් නැවක ඇති ගෑස් මෙරටට ගොඩබෑම සඳහා ලිට්‍රෝ සමාගමට අවසර ලැබී ඇතැයි වාර්තා වේ.

මේ නැව් දෙකෙහිම ඇති ගෑස්වල ප්‍රොපේන් සහ බියුටේන් නිවැරදි සංයුතියට ඇති නමුත් ගෑස් කාන්දුවක් හඳුනාගැනීම සඳහා දුර්ගන්ධයක් ඇතිකරන එතිල් මර්කැප්ටන් සංයෝගය නැතැයි කියමින් ඒවා ගොඩබෑමට පාරිභෝගික කටයුතු ආරක්ෂණ අධිකාරිය අවසර දුන්නේ නැත.

පාරිභෝගික අධීකාරිය, ඛණිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු කණ්ඩායම් කිහිපයක් එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළේය.

ගෑස් ගොඩබෑමට අවසර නොදීම හේතුවෙන් රට තුළ ගෑස් හිඟයක් ඇතිවීමේ අවදානමක් හටගෙන තිබිණි. මෙරට දෛනික අවශ්‍යතාව අනුව දිනකට ගෑස් සිලින්ඩර 85,000ක් අවශ්‍ය වන අතර දින තුනකට වරක් ගෑස් රැගෙන නැවක් මෙරටට පැමිණිය යුතුව තිබේ.

එහෙත් ඊයේ (17) දිනයේ ඉන් එක් නෞකාවක ඇති ගෑස් ගොඩබෑමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

Related articles

Recent articles

spot_img