spot_img
spot_imgspot_img

සිරිපා වන්දනාව ඇරඹේ. උඩමළුවේ නවාතැන් බෑ

පුවත්

විදෙස්

සිරිපා වන්දනාව අද (18) සිට ආරම්භ වෙයි. පුරා මාස 06ක කාලයක් පැවැත්වෙන මෙම වන්දනා කාලය අවසන් වන්නේ 2022 වෙසක් මස පුන් පොහොය දිනයේ දී ය.

ශ්‍රී පාද වන්දනා වන්දනාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන ලෙසය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් නව රෙගුලාසි ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව මෙවර ශ්‍රී  පාද වන්දනා කාලය අද සිට 2022 වසරේ මැයි මස 16 වනදා දක්වා පැවැත්විමට නියමිතය.

අදාළ ගැසට් නිවේදනය මගින් ශ්‍රීපාද වන්දනාවේ නිරත වන බැතිමතුන් සඳහා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ද සඳහන් කර තිබේ.

ඒ අනුව සිරිපා වන්දනාවට පැමිණීමට  අවසර ඇත්තේ කොරෝනා මර්ධන එන්නත ලබාගත් අයට පමණි. ඔවුන් ඒ බව සනාථ කිරීම සඳහා එන්නත් කාඩ්පත ළඟ තබාගත යුතුය. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් මුඛ ආවරණ පැලදීම හා දුරස්ථභාවය පවත්වා ගනිමින් ශ්‍රී පාද වන්දනාවේ නිරත විය යුතු වේ.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාමාන කිරීමෙන් අනතුරුව පිටවයා යුතු බව ද ගැසට් නිවේදනයෙන් සඳහන් කර තිබේ.

වෙනත් වර්ෂවල දී රාත්‍රී කාලයේ උඩ මළුවට පැමිණෙන පිරිස් ඉර සේවය නැරඹීම සඳහා රැය පහන් කරමින් උඩ මළුවේ නවාතැන් ගෙන සිටීම සිරිතක්ව පැවතිණි. නමුත් මෙවර වන්දනා කාලයේ දී එලෙස නැවතී සිටීමට අවසරයක් නැත.

මීට අමතර වෙළෙදාම් සහ දන්සැල් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සිදුකළ යුතු අතර සිරිපා මළුව, විශ්‍රාම ශාලා ප්‍රදේශවල මෙන්ම ගමන් මාර්ගයේදී සංචාරක වෙළෙදාම් තහනම් කර තිබේ.

දිස්ත්‍රික් ලේකම්වරිය හෝ බලයලත් නිලධාරියෙකු විසින් අවසර ලබාදී ඇති ස්ථානවල හැර පූජා භාණ්ඩ, පූජා වට්ටි හෝ වෙනත් ද්‍රව්‍ය අලෙවි නොකළ යුතු බව ද එම ගැසට් නිවේදනයේ සඳහන්ව ඇත.

මත්පැන්, දුම්වැටි හෝ වෙනත් කිසිදු මත්ද්‍රව්‍යයක් ගමන් මාර්ගවල රැගෙන යාම හෝ වෙළෙඳසැල්වල තබා ගැනිම, අලෙවි කිරීම , මිලදීගැනීම හෝ භාවිත කිරීම ද තහනම් කර තිබේ.

මේ අතර දන්සැල් ලෙස ආහාරපාන ලබාදීමට කිසිදු අවසරයක් නැති අතර දන්සැල් ලෙස ලබාදිය හැක්කේ මුඛ ආවරණ සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් බව ද එවැනි පරිත්‍යාග සිදුකරන දන්සැල් වන්දනාව සිදුවන මාර්ගවල ආරම්භක ස්ථානවල පමණක් පැවැත්වීමට අවසර ඇති බව ද ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.  එවැනි පරිත්‍යාගයන් සිදුකිරීමට ද දිස්ත්‍රික් ලේකම්ගේ බලයලත් නිලධාරියකුගේ පූර්ව අවසරය ලබාගත යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!