spot_img
spot_imgspot_img

“රාත්‍රියේ මායාකාරයෝ” ශ්‍රී ලංකාවේ වනගත බිළාලයන් ගැන ඡායාරූප ප්‍රදර්ශනයක් හා පොතක් දොරට වඩී

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ වනගත බිළාල විශේෂ සම්බන්ධ තොරතුරු සහ ඉතාමත් දුර්ලභ ඡායාරූප ඇතුළත් “Phantoms of the night” Wild cats of Sri Lanka නමැති ග්‍රන්ථය එළිදැක්වීම සහ ඡායාරූප ප්‍රදර්ශනයක් දෙසැම්බර් මස 18  සහ 19 දෙදින උදෑසන 9.00 සිට රාත්‍රී 7.00 දක්වා කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේ දී පැවැත්වේ.

විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍ය තිලක් ජයරත්න මහතා, වෛද්‍ය ජනක ගලප්පත්ති මහතා, වනජීවී පර්යේෂක නදික හපුආරච්චි මහතා සහ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති සත්ව විද්‍යා පර්යේෂක මධුර ද සිල්වා මහතා මෙම ග්‍රන්ථයේ සම කතෘත්වය දරයි.

ලෝකය බළල් පවුලට අයත් වනගත විශේෂ 40ක් දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාවේ එවැනි වනගත බළලුන් විශේෂ 04ක් ජීවත් වෙති.

කොටියා Lepord  (Panthara padus kotiya) , වල් බළලා Wild cat (Felis chaus), හඳුන් දිවියා Fishing Cat (Prionailurus viveriinus) සහ කොළ දිවියා Rusty spotted Cat (Prionailurus rubiginosus) යන මෙරට සිටින වනගත බළල් විශේෂ සාමාන්‍ය ජනතාවට දැක ගැනීමට පවා අවස්ථාව ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.

මෙම සතුන් පිළිබඳ වසර 05කට වැඩි කාලයක් පර්යේෂණ සිදුකළ කතුවරුන් විසින් එම සතුන්ගේ විද්‍යාත්මක තොරතුරු සහ අතිශය දුර්ලභ ඡායාරූප රැසක් ඇතුළත් කරමින් මේ ග්‍රන්ථය ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියේ පැවැත්ම සඳහා මිනිසාට තේරුම්ගැනීමට පවා අපහසු දැවැන්ත මෙහෙවරක නිරතවන මේ සතුන් පිළිබඳ සමාජය දැනුම්වත් කිරීම සඳහා මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

කොටියා
කොළ දිවියා
හඳුන් දිවියා
වල් බළලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!