-5.9 C
New York

අධීවේගී මාර්ගයේ රිය අනතුරු හේතුවෙන් දෙපැත්තටම පාර වැසේ (වීඩියෝ)

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 34 වැනි කිලෝ මීටරය ආසන්නයේ දී කොළඹ දෙසට සහ ගාල්ල දෙසට ධාවන මංතීරු දෙකෙහිම රිය අනතුරු සිදුවීම හේතුවෙ මේ වනවිට දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.

එක් දෙසකට ධාවනය වන බස් රථයක් අධිවේගී මාර්ගයේ වැටේ වැදීමෙන් අනතුරට ලක්ව ඇති අතර අනෙක් පසෙට ධාවනය වන මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරු සිදුව ඇත.

අද (17) සවස කිලෝ මීටර 32 ආසන්නයේ දී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බසයක් මෝටර් රථයක් හා ගැටීමෙන් ද අනතුරක් සිදුව තිබුණු අතර කිලෝ මීටර 27 ආසන්නයේ දී කාරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරැළී තිබිණි.

අනතුරට පත්වූ රථ ඉවත්කර මාර්ග තදබදය අඩු කිරීමට අධිවේගී මාර්ග පොලිසිය සහ සේවකයෝ කටයුතු කරමින් සිටිති.

(වීඩියෝ දර්ශන – සජීව බෝදියාබදු)

Related articles

Recent articles

spot_img