-4.8 C
New York

කොටස් වෙළෙඳ පොළ ඒකක 11,750 ඉක්මවයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 35,186ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,799ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය අද දිනය තුළ දී පමණක් ඒකක 74කින් ඉහළ ගිය අතර එය ඒකක 11,753ක් බවට පත්විය.

දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර හේලීස් සමාගම රුපියල් මිලියන 772යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 743යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 539ක් ලෙස ද, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එන්බී ලීසිං (X) කොටස් මිලියන 148යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් කොටස් මිලියන 38යි, එස්එන්බී ලීසිං කොටස් මිලියන 28 යි ලෙස ප්‍රමුඛ විිය.

වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 740ක වත්කම් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, රුපියල් බිලියන 537ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, රුපියල් බිලියන 201ක් වාර්තා කළ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම තුන්වැනි ස්ථානයට ද පත්විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර සෙංකඩගල ෆිනෑන්ස් සමාගම 24%කින් ද, හුන්නස් ෆෝල්ස් සමාගම 24%කින් ද, ප්‍රින්ට් කෙයාර් සමාගම 19%කින් ද කැපී පෙණිනි.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර රෝයල් සෙරමික් සමාගමෙහි කොටස් මිලියන 1,209,000ක් රුපියල් 76.00 බැගින් ද, නෙස්ලේ ලංකා සමාගමේ කොටස් 141,000ක් රුපියල් 1,221.00 බැගින් ද, හේලීස් සමාගමේ කොටස් 157,000ක් රුපියල් 130.00 බැගින් ද ඇක්සස් සමාගමේ කොටස් මිලියන 01ක් රුපියල් 32.50 බැගින් ද හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 306ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 354ක කොටස් විකුණා තිබේ. අද දිනය තුළ දී පමණක් විදේශීය ‍ආයෝජකයන් විසින් රුපියල් මිලියන 48ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත. අද දිනය දක්වා මේ වසර තුළ දී පමණක් විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 50.826ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර එයිට්කන්ට් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිිලයන 23යි, එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 22යි, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 16යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 14යි, ‍ෆෝර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 4.5යි, හේලීස් සමාගම රුපියල් මිලියන 4.2ක් ලෙස ද, විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර අමානා බැංකුව රුපියල් මිලියන 32යි, නෙස්ලේ සමාගම රුපියල් මිලියන 31යි, ලංකා මිල්ක් ෆුඩ් සමාගම රුපියල් මිලියන 26යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 12යි සහ ඇක්සස් ඉන්ජිනියරින් සමාගම රුපියල් මිලියන 12ක් ලෙස සටහන් විය.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img