ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් කිහිප දෙනකු ද කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධණ පවසයි.
ඔවුන්ට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය වීමට බොහෝ දුරට ඉඩ ඇතත් ඒ පිළිබඳ ස්ථිර නිගමනයකට එළැඹීම සඳහා ජෛව අනුක්‍රමික පරීක්ෂණ සිදුකරන බවද වෛද්‍යවරයා කීවේය.
එලෙස ආසාදනය වී ඇති පුද්ගලයන් බූස්ටර් එන්නත පවා ලබාගත් අය බව ද තහවුරු වී තිබේ.
මීට අමතරව ඔම්ක්‍රෝන් ආසාදනය වී මෙරටට පැමිණ ගිය ඉන්දීය ජාතිකයා සැරි සැරූ ස්ථාන සහ සමාජශාලා සොයා පරීක්ෂණ පවත්වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසයි.
“මුලින්ම අපි හඳුනාගත්ත රෝගියා තමා නයිජර් රාජ්‍යයේ සිට පැමිණි ඒ කාන්තාව. ඇය විතරයි එන්නත්කරණය කරගෙන තිබුණේ නැත්තේ. අනිත් අය සියලුදෙනාම එන්නත් ලබාගෙන තිබුණේ. ඔවුන්ගේ රෝග ලක්ෂණ ඉතාමත් සුළු රෝග ලක්ෂණ තමා තිබුණේ. ඒ නිසා එයින් හොඳටම පේනවා එන්නත්කරණය මෙම රෝගය වළක්වා ගැනීමට පිටිවහලක්” යැයි ද වෛද්‍යවරයා කීවේය.