-4.8 C
New York

ඩොලර් ඉතිරිකරන්න විදෙස් සේවා කිහිපයක් නවත්වයි

Published:

වියදම් කපාහරිමින් ඩොලර් ඉතිරිකර ගැනීමේ පියවරක් ලෙස විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල තුනක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ නයිජීරියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය, ජර්මනියේ  ෆ්‍රැන්ක්ෆර්ට් හි පිහිටි  ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වසා දැමීමට නියමිතය.

ෆ්‍රැන්ක්ෆර්ට් කොන්සල් කාර්යාලය වසා දමා එහි කටයුතු කටයුතු බර්ලින් හී පිහිට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගෙන යාමට නියමිත බවත් , නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කටයුතු කරගෙන යාමට අපහසු බවත් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වසා දමන බව ද අමාත්‍යවරයා කීවේය.

අමාත්‍යවරයා පවසන්නේ මෙය මේ වනවිට සියලු අමාත්‍යාංශ වියදම් කපාහැරීමට අනුගමනය කරන ක්‍රියාවලියේ කොටසක් බවයි.

Related articles

Recent articles

spot_img