spot_img
spot_imgspot_img

විමල්, වාසු, ගම්මම්පිල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වැඩක් කරලා යැයි නීතිපති කියයි

පුවත්

විදෙස්

කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලිික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාලව රජයේ අමාත්‍යවරු තිදෙනකු විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි නීතිපති සංජය රාජරත්නම් අද (17) පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියේය.

මෙම දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ උදය ගම්මම්පිල, විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු තිදෙනා විසිනි. කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට පැවරීමට ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය බල රහිත කරන්න යැයි ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ දී නීතිපතිවරයා මේ බව කියා සිටියේය.

අදාළ පෙත්සම් අද (17) දෙවන දිනටත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්. ටී. බී. දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැණිනි.

අගරදගුරු මැල්කම් කාදිනල්  රංජිත්  හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය  ඇල්ලේ ගුණවංශ හිමියන්,  සමගි ජන බලවේගයේ  මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ,  වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවකයන්ගේ සංගමයේ  ලේකම් රන්ජන් ජයලාල්  යන මෙම පෙත්සම් ගොනුකර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු  කැබිනට් මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම් වරයා, බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිසම, එහි සභාපතිවරයා, ලංකා විදුලි බල මණ්ඩලය,  එහි සභාපතිවරයා, ලංකා  ඛනිජ තෙල් සංස්ථාව,  එහි කලමණාකරණ අධ්‍යක්ෂවරයා, වෙස්ට් කෝස් පවර් පෞද්ගලික සමාගම,  ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි   සමාගම  නීතිපති වරයා  ඇතුළු  54දෙනෙකු  මෙහි  වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙකු වන ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා පෙනී සිටියේය.

අමාත්‍යවරුන් තිදෙනා එම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිය දී පෙත්සම් වලට පක්ෂව විරෝධතා ගොනු කිරීම විශේෂත්වයකි.

මෙම පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ජනවාරි මස 10 වනදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!