spot_img
spot_imgspot_img

ඔමික්‍රොන් ආසාදිත විදේශිකයෙක් ශ්‍රී ලංකාවේ සැරිසරලා. සමාජශාලාවලටත් ගිහින්

පුවත්

විදෙස්

ඔමික්‍රෝන් ප්‍රභේදය දැනටමත් මෙරට සමාජය තුළ පැතිරෙමින් පවතිනු ඇතැයි ‍ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ පවසන්නේ මෙරටින් වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයන් 04 දෙනාගෙන් පසුව හමුවූ ආසාදිතයන් තිදෙනා පිළිබඳ මෙතෙක් වසංගත රෝග විද්‍යා අංශ්‍ය මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කිසිදු තොරතුරක් ලබා දී නැති බවයි.

නිල නොලත් තොරතුරු අනුව එලෙස වාර්තා වූ තිදෙනාගෙන් එක් අයෙක් ඉන්දියාවේ සිට පැමිණි අයෙකි. ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72කට පෙර කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු අසාදිතයකු නොවේ යැයි තහවුරු වී තිබූ බවද පවසයි. මෙරටට පැමිණ දින දෙකක කාලයක් ගතකර ඇති ඔහු සමාජ ශාලාවලට පවා ගොස් ඇතැයි වාර්තා වේ. ඉන් පසු මෙරටින් පිටත්ව යද්දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු ආසාදිතයකු බව හඳුනාගෙන ඇත. ජාන විශ්ලේෂණ වාර්තා අනුව ඔහු ඔමික්‍රෝන් ආසාදිත වූ අයකු බව තහවුරු කරගන්නා විට ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බව ද මේ වනවිට නිල නොවන තොරතුරු අනුව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මෙසේ පවසයි.

” ඊයේ දිනයේදී ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. නමුත් මේ දක්වා අපිට වසංගත රෝග විද්‍යා අංශයෙන් හෝ කිසිදු රසායානාගාරයක් මගින් නිල දැනුම් දීමක් සිදුකර නැහැ.

මේකත් එක්ක අපිට අවධාරණය වෙන්නේ රට තුලට පැමිණෙන විදේශිකයින් PCR පරීක්ෂණ වලට ලක්කිරීම සහ ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය වන බවයි. අපි බලාපොරොත්තු වෙනවා දැන්වත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරයි කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!