-2.1 C
New York

මුරුත්තෙට්ටුවේ හිමිට කොළඹ විශ්වවිද්‍යාලයෙන් දැඩි විරෝධයක්. සිසුහු උපාධි ගැනීමත් ප්‍රතික්ෂේප කරති

Published:

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේ දී එහි කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් උපාධි ලබාගැනීම සිසු සිසුවියෝ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උපාධි ප්‍රධානය උපකුලපතිනිය අතින් කිරීමට සිදුව තිබේ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කිරීම සම්බන්ධයෙන් විශාල විරෝධතාවක් ඇතිවිය. මෙම පත්වීමට විරෝධය දක්වමින් ආචාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් අද (17) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වූ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම ප්‍රතික්ෂේප කෙරිණි.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨ ආචාර්යවරුන්ගේසංගමය, කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ආචාර්යවරුන්ගේ සංගමය, විද්‍යා පීඨ ආචාර්යවරුන්ගේ සංගමය හා පරිගණක පාසලේ ආචාර්යවරුන්ගේ සංගමය මෙම උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී නොවන බව නිල වශයෙන් නිවේදනය කර තිබිණි.

උපාධි ප්‍රදානෝත්සවය ආරම්භවූ අවස්ථාවේ දී කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවට පැමිණිය ද උපාධිධාරීන් හිමියන්ගේ අතින් උපාධි ලබාගැනීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් උපකුලපතිවරයා ආරාධිතයකු බවට පමණක් විය.

Related articles

Recent articles

spot_img