2021 ලෝක රූ රැජින අවසන් මහා තරඟයේ තරඟකරුවන් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙවන් තරඟය කල් දැමීමට සංවිධායකවරු තීරනය කර ඇත.
අවසන් මහා තරඟය පෝටෝ රිකෝ රාජ්‍යයෙහි සංවිධානය කර තිබූ අතර ඊයේ (16) මෙම උත්සවය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර එම තරඟය කල්තබන බව නිවේදනය කරන ලදී.
“තරගකරුවන් අතර ඉහළ යන කොවිඩ් රෝගීන් සැලකිල්ලට ගනිමින් ලෝක රූ රැජින සංවිධානය ලෝක රූ රැජින අවසන් මහා තරඟය කල් දැමීමට තීරණය කර ඇති බව” නිල ප්‍රකාශනයේ සඳහන් වේ.
තරඟකරුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකු මේ වනවිට COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂාකර ඇත. ආසාදිතයන් අතර 2020 ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳි මනසා වරනාසි ද සිටියි.
ලෝක රූ රැජින සංවිධානය ප්‍රකාශ කළේ මෙම උත්සවය අධීක්‍ෂණය කිරීම සඳහා කැඳවා සිටි වෛරස් විද්‍යාඥයින් සහ වෛද්‍ය විශේෂඥයින් සමඟ පැවති සාකච්ඡාවකින් පසුව තරඟය කල් දැමීමට තීරණය කර ඇති බවයි. “සෞඛ්‍ය නිලධාරීන් සහ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගැනීමෙන් පසු අද උදෑසන තවත් සිද්ධීන් කිහිපයක් තහවුරු කිරීමෙන් පසුව, කල් දැමීමේ තීරණය ගන්නා ලදී,” සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
කල් දමන ලද තරඟය ඉදිරි දින 90ක කාලය තුළ පැවැත්වීමට නියමිතව ඇත.
වෛද්‍යවරුන් විසින් වැඩිදුර පරීක්ෂා කිරීමෙන් පසු නිදහස් කරන තරඟකරුවන්ට පමණක් නැවත මව්රටවලට යෑමට අවසර ලැබෙන බවද සංවිධායකයෝ පවසති.