ජපානයේ ඔසාකා නගරයේ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 27 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
එන්.එච්.කේ.රූපවාහිනී සේවය පවසන්නේ මෙම ගින්න හිතාමතාම ආරම්භ කර ඇති බවට සැකයක් ඇතැයි පොලිසිය පවසන බවයි. බොහෝ දෙනකු දුම ආශ්වාස වීම හේතුවෙන් මියගොස් ඇතැයි වෛද්‍යවරු පවසති.
ගිනි නිවන භටයන් දුසිම් ගනනක් යොදවාගෙන ගොඩනැගිල්ලේ සිව්වන මහලේ ඇතිවූ ගින්න මිනිත්තු 30 කට පසුව සාර්ථකව නිවා දැමූ බව ප්‍රාදේශීය ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.
සිකුරාදා උදෑසන ගින්න පිළිබඳව ගලවා ගැනීමේ නිලධාරීන්ට දැනුම් දී ඇති අතර, එයින් ආසන්න වශයෙන් වර්ග මීටර් 20 ක පමණ ප්‍රදේශයක් පුරා පිළිස්සී හානි සිදුවී ඇති බවත් සඳහන් වේ. ගින්න හටගන්නා අවස්ථාවේ එම ස්ථානයේ සායනයක් පැවැත්වෙමින් තිබූ බවට කරුනු අනාවරනය වී ඇතැයි පොලිසිය පවසයි.
මෙම ගොඩනැගිල්ල ඔසාකා හි වාණිජ හා විනෝදාස්වාද කටයුතු සඳහා ප්‍රසිද්ධ ජනාකීර්ණ දිස්ත්‍රික්කයක පිහිටා ඇත.
මෙය, 2019 දී කියෝතෝ හි චිත්‍රාගාරයකට මිනිසෙක් ගිනි තබා පුද්ගලයන් 36 දෙනෙකු මරා දැමීමෙන් පසු ජපානයේ සිදුවූ දරුණුතම සමූලඝාතන සිද්ධියක් ලෙස සඳහන් වේ.