-2.1 C
New York

ඔමික්‍රෝන් රැල්ල දරුණුයි. රෝහල් පිරී යයි. දැඩි සත්කාර අවසන්

Published:

කොරෝනා වයිරසයේ ඔමික්‍රෝන් විකෘතියේ පැතිරීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ තවත් කොරෝනා රැල්ලක් හටගෙන තිබේ. ඊයේ දිනයේ දී පමණක් බ්‍රිතාන්‍යයෙන් කොරෝනා ආසාදිතයන් 88,376 දෙනකු වාර්තා වී ඇති අතර මේ හේතුවෙන් යළිත් වතාවක් සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයකට ලක්ව ඇත.

සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වාදෙන්නේ ඉක්මන් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ජනවාරි මාසය වනවිට තත්වය වඩාත් දරුණු විය හැකි බවයි.

මේ දක්වා සුදුසු ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට චෝදනා රැසක් එල්ල වී තිබේ.

බ්‍රිතාන්‍යයෙන් යළිත් වරක් වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වනවා. ඒ අනුව එරටින් ඊයේ ආසාදිතයින් 88,376 දෙනෙකු වාර්තා වුණා. එරටින් මේ දක්වා හඳුනාගෙන ඇති වැඩිම ආසාදිතයින් පිරිස එයයි. 

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ ඩෙන්මාර්කය ද දැඩි අර්බුදයකට මුහුණ පා සිටියි. මේ දක්වා එරටින් ඔමික්‍රෝන් ආසාදිතයන් 9,000ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

ඉතාලියෙන් ද යළිත් වරක් සැලකිය යුතු කොරෝනා ආසාදිතයින් පිරිසක් දෛනිකව වාර්තා වෙමින් තිබේ. කෙසේවෙතත් එලෙස ආසාදිතයින් ගණන ඉහළ ගොස් ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය නිසාද යන්න මෙතෙක් අනාවරණ කර නැත.  

යුරෝපයේ රටවල් ගණනාවක දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරන ආසාදිතයින් සංඛ්‍යාව ද මේ වනවිට දෛනිකව ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

අයර්ලන්තයෙන් වාර්තා වන ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ ප්‍රතිශතය දින 02 ක් ඇතුළත දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර එම ප්‍රතිශතය සමස්ත කොරොනා ආසාදිතයන්ගෙන් 27% කි.

ඔමික්‍රෝන් ව්‍යාප්තිය හමුවේ කැනඩාවේ ද දැඩි සත්කාර සොයා ගැනීමට නොහැකි තත්වයක් ඉතා ඉක්මණින් උදාවනු ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසා තිබේ.

Related articles

Recent articles

spot_img