-2.5 C
New York

මහින්දයේ නවෝද් දෙවැනි වරටත් විශිෂ්ඨතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගනී

Published:

වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය 2021 වර්ෂයේ දී ද දිනාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන සමත්වූයේය. ඔහු අඛණ්ඩව මෙම සම්මානය දිනාගත් දෙවැනි අවස්ථාව වන අතර පාසල් ක්‍රීඩකයකු එම සම්මානය දෙවරක් දිනාගත් ප්‍රථම අවස්ථාවට ද නවෝද් හිමිකම් කීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කරනු ලබන ප්‍රමුඛත ම සම්මාන උළෙල ලෙස සැළකෙන ඔබ්සර්වර් – එස්එල්ටී මොබිටෙල් සම්මාන උළෙලේ මෙවර පැවැතියේ 43 වැනි වතාවටය.

මීට පෙර වස‍රේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වී සිටි හිටපු ටෙස්ට් නායක අර්ජුන රණතුංග මේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීම ද විශේෂත්වයකි. සම්මාන උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී 14 වැනි දා  රාත්‍රී පැවැත්විණි.

වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ නෙත්මි පූර්ණා සේනාරත්න සම්මාන දිනාගත්තාය. පසුගිය සම්මාන උළෙලේ දී වසරේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ජාතික සම්මානය හිමිකරගත් නවෝද් මෙවර ද එම සම්මානය ද සමිගන් හොඳම පන්දු රකින්නා සම්මානය ද හිමිකර ගත්තේය.

Related articles

Recent articles

spot_img