කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 40,554ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8,395ක් බවට පත්විය.
සමස්ත කොටස් මිල දර්ශකය, ඒකක 75කින් පහළ ගිය අතර එය ඒකක 11,678ක් බවට පත්විය. අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර හේලීස් සමාගම රුපියල් මිලියන 3,990යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,098යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් රුපියල් මිලියන 281යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එන්බී ලීසිං කොටස් මිලියන 46යි, හේලීස් සමාගම කොටස් මිලියන 31යි, අමානා බැංකුව කොටස් මිලියන 20යි ලෙස ද කැපී පෙණිනි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස සමස්ත වටිනාකම රුපියල් බිලියන 726ක් සටහන් කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, බිලියන 530ක් සහ මිලියන 201ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථානවලට ද පත්විය.
සංවෘත කවය තුළ හේලීස් සමාගමේ කොටස් මිලියන 22.807ක් රුපියල් 125.00ක් බැගින් හුවමාරු වූ අතර ජෝන් කීල්ස් සමාගමේ කොටස් 882,000ක් රුපියල් 143.00 බැගින් ද, සම්පත් බැංකුව කොටස් ලක්ෂ 09ක් රුපියල් 53.00 බැගින් ද හුවමාරු විය.
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර මල්ටි ෆිනෑන්ස් සමාගම 41%කින් ද, සෙංකඩගල ෆිනෑන්න්ස් සමාගම 24%කින් ද, යෝර්ක් ආකේඩ් සමාගම 12%කින් ද ප්‍රධාන විය.
විදේශීය අායෝජකයන් විසින් රුපියල් මිලියන 38ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 336ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස අද දිනයේ පමණක් විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 298ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.
අද දිනය දක්වා පමණක් 2021 වර්ෂයේ දී රුපියල් බිලියන 50.777ක මුදලක් විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.
විදේශ අයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර හේලීස් සමාගම රුපියල් මිලියන 07යි, පෑන් ඒෂියන් පවර රුපියල් මිලියන 05යි, ගාඩියන් කැපිටල් සමාගම රුපියල් මිලියන 04යි, ලංකෙම් ඩිවෙලොප්මන්ට් රුපියල් මිලියන 03යි, ඒෂියා කැපිටල් සමාගම රුපියල් මිිලයන 02යි ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 136යි, සම්පත් බැංකුව රුපියල් මිලියන 59යි, අමානා බැංකුව රුපියල් මිලියන 51යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිිලයන 32යි, රෝයල් සෙරමික් රුපියල් මිලියන 13ක් ලෙස සටහන් විය.
ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් අර්බුදය විසඳීම සඳහා ඉන්දියන් රජය විසින් ඩොලර් බිලියන 02ක මුදලක් ණය සහනයක් ලෙස ලබා දීමට නියමිත වීම සහ ඩොලරයේ අගය පාලනය කිරීමකින් තොරව සාමාන්‍ය වෙළෙඳ පොළේ ගනුදෙනු වීමට නියමිත බවටත් පැතිර යන තොරතුරු හේතුවෙවන් භාණ්ඩ හා සේවා අපනයන කරන සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජකයන්ගේ දැඩි ඉල්ලුමක් ඇති වී තිබේ.