-3.4 C
New York

පුංචි ඡන්දය කල් දැමීමේ කැබිනට් පත්‍රිකාව සූදානම් ?

Published:

පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා තීරණය කර තිබේ.

විෂය භාර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ කියා සිටියේ කොරෝනා වසංගත තත්වය සැළකිල්ලට ගනිමින් මේ තීරණය ගත් බවයි.

2018 වර්ෂයේ දී මෙරට පළමු වතාවට මිශ්‍ර ක්‍රමයට පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වූ අතර පළාත් පාලන ආයතන 341න් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පළාත් පාලන ආයතන 232ක බලය හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂයට ආයතන 42ක බලය හිමිවිය. මෙම පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 පෙබරවාරි මස 10 වැනි දා අවසන්වීමට නියමිතය.

මේ අතර පසුගිය දා මැතිවරණ කොමිසම කියා සිටියේ ඉදිරි මැතිවරණ සඳහා තමන් සූදානමින් සිටින බවයි.

කෙසේ වෙතත් පළාත් පාලන පනතින් හිමිවන බලතල අනුව පළාත් පාලන ආයතනවල නිල කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමකට එම යෝජනාව පළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img