-5.9 C
New York

මහනුවර පාසලක සිසුවිය අතුරුදන් වූ හැටි පෙම්වතා කියයි

Published:

අතුරුදන්ව සිටි පාසල් සිසුවිය පේරාදෙණිය දුම්රිය මාර්ගයේ කළු පාලම හෙවත් යකා පාලම අසළින් මහවැලි ගඟට පැන ඇති බව ඇගේ පෙම්වතා බව කියන 20 හැවිරිදි තරුණයා විසින් පොලිසියට පවසා ඇත.

මෙම සිසුවිය පසුගිය 09 වැනි දා සිට අතුරුදන්ව සිටීම හේතුවෙන් ‍පොලිසිය විසින් මෙම තරුණයා අත්අඩංගුවට ගනු ලැබීය. 09 වැනි දා සවස 2.30ට පමණ ක්‍රීඩා පුහුණුවීම් සඳහා පාසලට පැමිණි සිසුවිය නැවත එම අවස්ථාවේ දී ම පාසලෙන් පිටවී යන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබිණි.

අත්අඩංගුවට ගත් තරුණයාගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ පසුගිය 09 වැනි දා සවස ඇය ඔහු හමුවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි කළු පාලම අසළට පැමිණ ඇති බවයි. එහි දී ඇය තම ජංගම දුරකථනය පරීක්ෂා කළ බවත්, තමන් තවත් තරුණියකට යැවූ කෙටි පණිවිඩ කිහිපයක් දැක ඇය එකවරම පාලමෙන් ගඟට පැන්න බවත් තරුණයා පොලිසියට පවසා ඇත. එම සිද්ධියෙන් බියට පත්වීම හේතුවෙන් ඒ බව කිසිවෙකුට නොපවසා නිවසට වී සිටි බව ද මෙම තරුණයා අනාවරණය කර තිබේ.

පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් එම ප්‍රදේශයේ සෝදිසි කළ ද සිසුවිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

Recent articles

spot_img