වඳ සැත්කම් කළැයි චෝදනා ලැබීම හේතුවෙන් අනිවාර්ය නිවාඩු යවා සිටි විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍ය එස්.එස්.එම්. සාෆි නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්.මුණසිංහ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.
මෙම වෛද්‍යවරයා විසින් එක් ජනවර්ගයකට අයත් කාන්තාවන් ඉලක්ක කරගනිමින් සියුම් ලෙස ඔවුන් වඳ බවට පත්කළ බවට 2019 වර්ෂයේ දී දැඩි ආන්දෝලනයක් ඇතිවිය.
මෙ චෝදනා හේතුවෙන් 2019 වර්ෂයේ මැයි මස 24 වැනි දා සිට විශේෂඥ වෛද්‍ය සාෆි අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබිණි. ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසමේ ද අනුමැතිය හිමිව ඇත.
එවකට කුරුණෑගල රෝහලේ සේවය කළ මෙම වෛද්‍යවරයා තමන් වඳ කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වූ කාන්තාවන් කිහිප දෙනෙකුද පසුව දරුවන් බිහිකළ බවට ද වාර්තා විය.
