-2.1 C
New York

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ අගයක බව රජය කියයි

Published:

ශ්‍රී ලංකාවේ ආර්තික වර්ධනය 2021 ‍වර්ෂයේ ජුනි සිට සැප්තැම්බර් දක්වා වූ තුන්වැනි කාර්තුවේ දී සෘණ අගයක් ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිවේදනය දැක්වේ.

එම නිවේදනය අනුව තෙවැනි කාර්තුවේ මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 1.5% අගයක් ගෙන ඇත. එමෙන්ම තෙවැනි කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,497,489ක් දක්වා පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන සංරචක තුනක් වන සේවා සැපයීම, කර්මාන්ත ක්ෂේත්‍රය සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍ර තුන සඳහා දක්වන දායකත්වය පිළිවෙලින් 57.4%, 29.9% සහ 8.7% වෙයි. මේ අතර  භාණ්ඩ ත අය කරන සහනාධාර අඩු කළ විට බදු සංරචකය 2021 වර්ෂයේ තුන්වැනි කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතයට 4.1%ක දායකත්වය දක්වා තිබේ.

එම කාලය තුළ සමස්ත කෘෂිකර්මික ආර්ථික කටයුතු 1.7%ක සුළු වර්ධනයක් වාර්තා කර ඇත.

ඒ සඳහා සංචරණ සීමාවන් පැන වූ කාල සීමාව තුළ දී පවා රට පුරා කෘෂිකාර්මික ආර්ථික කටයුතු නොකඩවා කරගෙන යාමට රජය විසින් අවසර ලබාදී තිබීම හේතුවක් වන්නට ඇතැයි ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම කාර්තුවේ දී කර්මාන්ත සහ සේවා යන ආර්ථික ක්‍රියාකාරකම් පිළිවෙලින් 2.1%ක හා 1.6%ක ඍණාත්මක වර්ධන වේගයක් වාර්තා කරයි.

පසුගිය වසරේ තෙවන කාර්තුවේ දී එම ක්‍රියාකාරකම්වල ධන වර්ධන වේගයන් වාර්තා වී තිබුණු බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Related articles

Recent articles

spot_img