spot_img
spot_imgspot_img

ගාල්ල මහින්දයේ හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්

පුවත්

විදෙස්

ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලබා සිටින හිටපු වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනය ලබන 20 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවෙළ අද (16) නියෝග කළේය.
රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවන් අධිකරණයට ගෙන ඒමකින් තොරව අද (16) උදෑසන මෙම නඩුව යිළි සැළකිල්ලට ගත් අවස්ථාවේ දී ‍පොලිස් නීති කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණවර්ධන කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2021-12-03 දිනැති ලිපියක් මගින් පාසල් සංවර්ධන සමිතියේ ඇති අරමුදල් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතු අරමුදල් බවට තහවුරු කර ඇති බැවින් එය පොදු දේපළ යටතට ගැනෙන බව කියා සිටියේය. එමෙන්ම එය රජයේ ගිනුමක් බවට මුදල් පරිහරණය සම්බන්ධ චක්‍රලේඛවලින් පැහැදිලිවන බව ද කියා සිටියේය.
සැකකාර සංවර්ධන නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් කුමාර සහ නීතිඥ ප්‍රසන්ත ද සිල්වා කියා සිටියේ තම සේවාදායිකාව චෙක්පත්වලට අත්සන් තැබීමේ හෝ චෙක්පත් නිකුත් කිරීමේ බලයක් නොමැති අයකු බවයි. ඇය සිදුකර ඇත්තේ තම ආයතන ප්‍රධානියාගේ උපදෙස් පිළිපැදීම පමණක් බවත් චෙක්පත් මාරුකර මුදල් ලබාගැනීමක් ද ඇය සිදුකර නොමැති බව කියා සිටියේය. එමෙන්ම ඇයගේ සැමියා විදේශගත වී සිටීම සහ 2022 වසරේ පළමු වසරට ඇතුළත්කිරීමට නියමිත දරුවකු සිටින බැවින් එම දරුවාගේ අධ්‍යාපන අවස්ථාව ලබාගැනීමේ කාර්යයට ඇයගේ සහභාගීත්වය අත්‍යාවශ්‍ය බැවින් ඇය මුදාහරින ලෙස හෝ නැතිනම් ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ගාමිණී ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලබා දී ඇති ලිපිය පාසල් සංවර්ධන සමිතියේ ගිනුම පොදු දේපළ යටතට ගැනෙන නීත්‍යානුකූළ ලියවිල්ලක් ලෙස පිළිගත නොහැකි බවයි. එබැවින් සැකකරුට ඇප ලබාදීම බාධාවක් නොවන බැවින් ඇප ලබා දෙන ලෙස ද නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මේ අවස්ථාවේ දී කරුණු දැක්වූ ගාල්ල පොලිස් විශේෂ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක උදයකාන්ත කියා සිටියේ මේ සම්බන්ධ තවමත් විමර්ශන අවසන්ව නැති බවයි. පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා කැඳවූ අවස්ථාවේ දී හිටපු විදුහල්පතිවරයා ප්‍රදේශයෙන් පළා ගොස් සිටි බවත් අන් සැකකරුවන්ට බලපෑම් ඇතිවිය හැකි බැවින් හා මේ මුදල් පිළිබඳ සොයාබැලීම් තවදුරටත් සිදුවන බැවින් ඇප සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා සිටියේය.
නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ මෙහි දී අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ රජයේ චක්‍රලේඛ අනුව පාසල් සංවර්ධන සමිතියේ ගිනුම රජයේ ගිනුමක් බවයි. එය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වන්නක් බවත් පරීක්ෂණ අවසන්ව නොමැති බැවින් සහ සැකකරුවන් තවදුරටත් අත්අඩංගුවට ගැනීමට තිබෙන බැවින් ඇප පනතේ 14 (01) සහ (02) වගන්ති අනුව කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියේය
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා කියා සිටියේ දැනට අධිකරණයේ දී හෙළිදරව් වී ඇති කරුණු මත දැනට පොදු දේපළ ලෙස සැළකිය නොහැකි වුව ද මේ සම්බන්ධ විමර්ශන අවසන්ව නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් ලබන 20 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.
අද (16) සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයේ සිට Zoom App මගින් නිරීක්ෂණය කිරීමෙන් පසු බන්ධනාගාර ගත කිරීමට නියමිතය.
පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් රජින්ද්‍ර නාරංගොඩ, විශ්වනාත් අරඹවෙල, රෝහණ වේරහැර, ඉඳුනිල් හේවගේ, රංජිත් ප්‍රිියන්ත, ඒ.ඩී.සී.දර්ශන, මෙත්සිරි රත්නායක, ජයමිණි ජයතිලක සහ නිසංසලා තෙන්නකෝන් යන නීතඥවරු පෙනී සිටියහ.
පළමු සැකකරුවන සංවර්ධන නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ අජිත් කුමාර සහ නීතිඥ ප්‍රසන්ත ද සිල්වා යන දෙදෙනාය.
සැකකරු ගාමිණී ජයවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංඝ ඉන්ද්‍රතිස්ස, ප්‍රදීප් මදනායක, සමිත් ගාල්ලගේ, අවන්ත නාගහවත්ත, දසුන් තරංග, යසස්වින් ගොඩකන්ද ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

2 COMMENTS

  1. පාසල් සංවර්ධන සමිති ගිණුම අනිවාර්‍යෙන්ම පොදු දේපල යටතට යටත් ගිණුමක්, මේක පාසල් සංවර්ධන සමිතිය කියු පමණින් එය නිකම්ම ගිණුමක් නොවේ. පාර්ලිමේන්තු පනතකින් සම්මතව, රාජ්‍ය මුදල් ලැබෙන, අධ්‍යාපන අමාතාංශයේ හා මුදල් අමාතාංශයේ චක්‍රලේකන වලට යටත්ව, අධ්‍යාපන අමාත්‍යාංශයේ හා විගනකාධිපති යටතේ විගනනය වන ගිණුමක්. එම ගිණුමට දෙමාපිය, දරුවන්ගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත මුදල් එකතුවන්නේද මෙම ගිණුමටයි. ලංකාවේ සියළුම පාසල්වල 2014.01.01 සිට පවත්වාගෙන යාමට අනුමැතිය ඇත්තේ මෙම පාසල් සංවර්ධන ගිණුම පමනයි. අන් සියලු ගිණුම් 2014 සිට අහෝසි වූ අතර , ඒ ගිණුම්වල මුදල් සියල්ල පාසල් සංවර්ධන ගිණුමට බැරකරන ලදී.
    පළාත් ක්‍රිඩා පාසලට හා නේවාසිකාගාරයක් පවතින පාසල්වලට පමණක් ඊට අදාලව ගිණුමක් පවත්වා ගෙන යාමට අවසර ඇත.
    මේ අනුව පාසල් සංවර්ධන සමිති ගිණුම අනිවාර්‍යෙන්ම පොදු දේපලකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!