වසර අවසානයේ නිවාඩු ගත කිරීම සඳහා පාර්ලිමේන්තු මැති ඇමතිවරු 60කට ආසන්න පිරිසක් විදේශ ගතවීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අතර ආණ්ඩුපක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු ද සිටිති.
ඔවුන් ඇමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල අධ්‍යාපනය ලබන හා ජීවත්වන තම දූ දරුවන් හා ඥාතීන් සමඟ කාලය ගතකිරීමට සූදානම්ව සිටින බව මන්ත්‍රීවරු කිහිප දෙනකු මාධ්‍යයට පවසා ඇත.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නුවරඑළියේ ස්ථාපිත කර ඇති නිවාඩු නිකේතනය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වෙන්කරවාගෙන තිබේ.
අයවැය විවාදයෙන් පසු ජනවාරි 11 වැනි දා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම කතානායකවරයා විසින් සිදුකළ අතර ඉන් පපසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරන ලදී. ඒ අනුව යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භවන්නේ ජනවාරි 18 වැනි දා ය. මේ හේතුවෙන් මන්ත්‍රීවරුන්ට මාසයකට වැඩි කාලයක නිවාඩුවක් ලැබී ඇත.