-5.9 C
New York

නීතිඥ ගරුත්වය රකින්න යැයි මහේස්ත්‍රාත්ගෙන් නිවේදනයක්

Published:

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරනු ලබන නීතිඥවරු අතරින් ඇතැම් පුද්ගලයන් වෘත්තීය ආචාරධර්ම කඩකළහොත් අපරාධ නීති කෘත්‍යයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවට දැනුම් දෙමින් මාතර මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (15) සිට අධිකරණ භූමියේ දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේ.

මෙම දැන්වීමේ දැක්වෙන්නේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරනු ලබන නීතිඥයන් කිහිප දෙනකු නඩු විභාග සඳහා දැඩි බලපෑමක් ඇතිකරන සිදුවීම් මහේස්ත්‍රාත්වරයාට වාර්තා වී ඇති බවයි.

එබැවින් අධිකරණ පරිශ්‍රය තුළ හෝ පොලිස් ස්ථානයන් තුළ හෝ වෙනත් යම් ස්ථානයක දී නඩුවල පාර්ශවකරුවන් සොයා ගොස් තම සේවාව ලබාගැනීමමට පෙළඹවීමට කිසිදු නීතිඥවරයකු විසින් නොකළ යුතු බව ද එම දැන්වීමේ දක්වා ඇත. එවැනි සිද්ධියක් අනාවරණය වුවහොත් එම නීතිඥවරුන්ට එරෙහිව 1917 අංක 35 දරණ පනතින සංශෝධිත 1894 අංක 11 දරණ නඩු කියන්නන් වෙත මැදිහත්වන්නන් පිළිබඳ ආඥා පනතේ දෙවැනි වගන්තිය යටතේ අපරාධ නීති කෘත්‍යයක් ආරම්භ කිරීමේ හැකියාව ඇති බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබේ.

Related articles

Recent articles

spot_img