spot_img
spot_imgspot_img

පාසල් සිසුවාට ලිංගික අපයෝජන කළ චීවරධාරියා වසර 21ක් බන්ධනාගාරයට

පුවත්

විදෙස්

බාල වයස්කාර පාසල් සිසුවකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කරන ලදැයි චෝදනා ලැබ සිටි චීවරධාරියකු වසර 21ක් බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර අංක 02 මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග නියෝග කළේය.

මෙලෙස දඩුවම් නියම වූවේ බදුල්ලේ ධම්මකිත්ති (51) නමින් පෙනී සිටි චීවරධාරියකුටය.

මෙම චීවරධාරියා මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි අතර එම චෝදනා තුනටම ඔහු වරදකරු බවට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේය.

එක් අධි චෝදනාවකට වසර 07 බැගින් මෙලෙස වසර 21ක් සිරඳඩුවම් නියම කෙරිණි. මීට අමතරව අධි චෝදනා තුනට වෙන් වෙන් වශයෙන් රුපියල් 15,000.00 බැගින් දඩ මුදල් ගෙවන ලෙසත් එසේ නොකරන්නේ නම් තවත් මාස 18ක සිරදඬුවමක් ද නියම කළේය.

එමෙන්ම අධි චෝදනා තුනට වෙන් වෙන් වශයෙන් රුපියල් 100,000.00 බැගින් වූ වන්දි මුදලක් පැමිණිලිකාර පාසල් සිසුවාට ගෙවන ලෙස ද චීවරධාරියාට නියම කෙරිණි. එම මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක් ද නියම කෙරිණි.

2016 දෙසැම්බර් මස 01 වැනි දා සිට 2017 පෙබරවා‍රි මස 06 වැනි දා දක්වා අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ දී එම චීවරධරියා විසින් බාලවයස්කාර දරුවා බරපතල ලෙස අපයෝජනයට ලක්කර ඇතැයි සාධාරණ සැකයකින් තොරව අධිකරණය හමුවේ අනාවරණ්‍ය වී තිබිණි.

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.ඒ.කරුණාතිලක විශේෂඥ සාක්ෂි ලබාදුන්නේය. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක ධම්මිකා ද සිල්වා ඇතුළු නිලධාරීන් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබිණි පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ සුපුන් රණසිංහ පෙනී සිටියේය.

1 COMMENT

  1. මෙවැනි අපචාර කරන පූජ්‍ය පක්ෂයට අයත් සියලු දූෂිතයන් නීතියේ දැළට හසු වේවා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!