spot_img
spot_imgspot_img

මූලික කොටස් නිකුතු රැසකින් කොටස් වෙළෙඳ පොළට ජවයක්

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 58,385ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 7,444ක් බවට පත්විය.

අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 42කින් පහළ ගිය අතර එය ඒකක 11,754ක් බවට පත්විය.

දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්‍පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,542යි, අද දිනයේ මුල් වරට ගනුදෙනු ආරම්භ කළ කැපිටල් එලායන්ස් සමාගම රුපියල් මිලියන 658යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 574යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 62යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 40යි, කැපිටල් එලයන්ස් සමාගම කොටස් මිලියන 31යි ලෙස සටහන් විය.

අද දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර කැපිටල් එලයන්ස් සමාගම කොටස් මිල 109% කින් ද, සෙංකඩගල ෆිනෑන්ස් සමාගම 24%කින් ද, හුන්නස් ‍ෆෝල්ස් සමාගම 24%කින් ද කැපී පෙණිනි.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු කිසිවක් සිදු නොවූ නමුත් වටපොත සමාගමේ කොටස් මිලියන 05ක් රුපියල් 33.80 බැගින් ගනුදෙනු විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 734ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, බිලියන 537ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද බිලියන 202ක් වාර්තා කළ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම දෙවැනි ස්ථානයට ද පත්විය.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 55ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 127ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනයේ දී පමණක් විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 72ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

2021 වර්ෂයේ ජනවාරි 01 වැනි දා සිට අද දක්වා රුපියල් මිලියන 50.479ක මුදලක් විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 22යි, ගාර්ඩියන් කැපිටල් සමාගම රුපියල් මිලියන 06යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 2.7යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 2.2යි, සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1.7ක් ලෙස ද, විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර කමර්ෂල් බැංකුව රුපියල් මිලියන 42යි, ෆෝර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 19යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 15යි, එක්ස්ෆැක්ට් සමාගම රුපියල් මිලියන 5.8යි, හේමාස් සමාගම රුපියල් මිලින 5.2යි ලෙස කැපී පෙණිනි.

මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳ පොළ නව සමාගම් රාශියක් මූලික කොටස් නිකුතුවන් හරහා ගනුදෙනු සඳහා එක්වන අතර ඒ අනුව දෙසැම්බර් 20 වැනි දින සමූපකාර රක්ෂණ සමාගමේ මූලික කොටස් නිකුතුව ආරම්භ වීමට නියමිතව ඇත.

මූලික කොටස් නිකුතුවන් හරහා කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත සමාගම්හි වටිනාකම් විශාල වශයෙන් ඉහළ යාම සිදුවේ. ඒ අනුව අද දිනය වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සියලු සමාගම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 5.247ක් බවට පත්ව තිබේ. මූලික කොටස් නිකුතුවන් හරහා බොහෝ සුළු සහ නව අයෝජකයන් කොටස් මිල දී ගැනීමත් ඉන් අනතුරුව එම කොටස් විකිණීමෙන් ලබන ලාභය කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමත් පොලී අනුපාතිකයන් වෙනස් නොවී පැවතීමත්, බදු සමා පනත හේතුවෙන් නව ආයෝජන අවස්ථා ලැබීමත් මත 2021 වසර අවසන් වීමට පෙර කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 12,500 ඉක්මවනු ඇතැයි විශ්වාසය තැබිය හැකිය.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!