ගාල්ල මහ නගර සභාවේ 2022 අයවැය අද (15) වැඩි ඡන්ද 26කින් සම්මත විය.
මෙම අයවැයට පක්ෂව ඡන්ද 29ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 03ක් පමණි.
නගරාධිපති ප්‍රියන්ත සහබන්දු විසින් ඉදිරිපත් කළ අයවැය සඳහා ඡන්ද විමසීමේ දී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13 දෙනෙක්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 13 දෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු, එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයා සහ ස්වාධීන කණ්ඩයාමේ මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඡන්දය විමසන අවස්ථාවේ සභාවට පැමිණ සිටියේ නැත.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට මහ නගර සභාවේ බහුතර බලය හිමිවුව ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පොදුජන පෙරමුණෙන් නම්කරන ලද නගරාධිපති අපේක්ෂකයාට සහය දැක්වීම හේතුවෙන් නගර සභාවේ බලය පොදුජන පෙරමුණට හිමිවිය. එක්සත් ජාතික පක්ෂයේ ෆවුස් නියාස් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූයේය.