කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීම අනිවාර්ය කරමින් නීතියක් හෝ රෙගුලාසියක් පනවා නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
කොරෝනා එන්නත අනිවාර්ය කිරීමට ගෙන ඇති තීරණය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බවට තීරණය කරන්න යැයි ඉල්ලමින් වෛද්‍යවරියක ඇතුළු තිදෙනකු විසින් ගොනුකළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද කැඳවූ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ විවේකා සිරිවර්ධන මේ බව කියා සිටියාය.
එස්.තුරෙයිරාජා, ශිරාන්න ගුණරත්න, අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
වෛද්‍ය ධරණී රාජසිංහම්, රංජිත් සේනානි සෙනෙවිරත්න, නිර්මලාල් හරින් ප්‍රනාන්දු යන පිරිස විසින් මේ පෙත්සම ගොනුකර තිබිණි. එහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමතිවරයා, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළලු පිරිසක් නම්කර තිබිණි.
නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ එන්නත්කරණ වැඩ පිළිවෙල පිළිබඳ ප්‍රකාශ කිරීමේ බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බවයි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කේ.කනග්ඊශ්වරන් කියා සිටියේ කොවිඩ් මර්ධන එන්නත අනිවාර්යයෙන්ම ලබා ගත යුතු බව ට තීරණය කර ඇති බව ය.
කොවිඩ් එන්නත අනිවාර්යය කරන නීතියක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති බව පෙන්වා දුන් හෙතෙම සදහන් කලේ එම එන්නත අනිවාර්යයෙන්ම ලබා ගැනීමට බලපෑම් කිරීම නීතිවිරෝධී බව යි.
එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ12(1), 14(1) සහ 14(1) යන විධිවිධාන මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ද කියා සිටියේය.
පෙත්සම පිලිබද වැඩි දුර කරුණු සලකා බැලීම ජනවාරි මස 11වැනිදාට කල් තැබිණි.
මෙය ගැසූ පසුත් කොරෝනා හැදෙනවා නම්, අතුරු ආබාධ පැමිණෙනවා නම් ඇයි අමුතු දෙයක් අපේ ඇඟට ඇතුල් කර ගන්නේ?
ජනතාව වෙනුවෙන් පෙනීසිටි ඔබතුමන්ලාට නීරෝගී සුවය හා දීදීර්ඝායුෂ වේවා. මේ සද්ක්‍රියාව ජයග්‍රහණය දක්වා අකන්ඩව පවත් වාගෙන යාමට දිරිය හා සහයෝගය ලැබේවා .
තෙරුවන් සරණයි .