කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක ඉඩම් 50ක් පඹන බදු පදනම යටතේ විදෙස් ආයෝජකයන් සඳහා ලබාදීමට රජය මේ වනවිට සැළසුම් කර තිබේ.
මේ වනවිට නව ව්‍යාපෘති 05ක් සඳහා අවබෝධතා ගිවිසුම්වලට පවා එළැඹ ඇති අතර එමගින් අපේක්ෂිත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 06කි.
කොළඹ බේරේ වැව අසළ ඩී.ආර්.විජේවර්ධන මාවතේ ඉඩම් කොටස් 06, කොම්පඤ්ඤවීදිය පැරණි ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල සහිත ඉඩම, නාරාහේන්පිට, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, තුම්මුල්ල, තලවතුගොඩ ඇතුළු ප්‍රදේශවල ඉඩම් කිහිපයක් ද, ගාල්ල, මාතර, නුවරඑළිය, කුරුණෑගල, යාපනය, වව්නියාව, අනුරාධපුරය, මහනුවර ආදී නගරවල ඉඩම් ද මෙලෙස ආයෝජකයන් සඳහා බදුදීමට තීරණය කර ඇති ඉඩම් අතර තිබේ.
මෙම ඉඩම් බදු පදනම මත පවරාගැනීමෙන් අනතුරුව ඒවායේ විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහ චීනය, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, මැලේසියාව සහ ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් කිහිපක ආයෝජකයන් මෙන්ම දේශීය ආයෝජකයන් ද කැමැත්ත ප්‍රකාශ කර ඇත.
රජයේ විධායක නිලධාරීන්ට නිල නිවාස ඉදිකළ කැප්පෙටිපොළ සමිට් නිවාස සංකීර්ණය ද නිවාස 500කට වැඩි ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා චීන-ඩුබායි ඒකාබද්ධ ආයෝජකයකු වෙත ලබා දීමට නියමිතව ඇති බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.